විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, බුද්ධ ශාසනයට සහ ආගම දහමට විවිධ අභියෝග එල්ල වන මෙවන් අවස්ථාවක ජනතාව නිවට නොවී ශක්තිමත්ව මුහුණ දිය යුතු බවයි. සම්බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි උත්තරීතර ස්ථානය ප්‍රායෝගිකව සුරක්ෂිත කිරීම සියලු දෙනාගේ වගකීමක් බවද ඔහු සඳහන් කළේය.
ඔහු මේ අදහස් පළ කළේ නිකපොත චන්ද්‍ර ජෝති හිමි මහා නායක පදවියෙන් පිදුම් ලැබීම වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හි පැවති උත්සවයකදීය.
