ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ, රට පුරා සංස්ථා පිරවුම්හල් රැසක ඔක්ටේන් 95 පෙට්රල් සහ සුපර් ඩීසල් නොමැති තත්ත්වයක් පවතින බවයි.
එම ඉන්ධන තොග පවත්වාගෙන යාම සඳහා විශාල මුදලක් වැය වුවද, අලෙවියෙන් ලැබෙන ලාභය ඉතා අඩු බැවින් බොහෝ පිරවුම්හල් මෙම ඉන්ධන ගබඩා නොකරන බව සංගමය සඳහන් කරයි.
විශේෂයෙන් කොළඹින් බැහැර ප්රදේශවල මෙම තත්ත්වය දැඩිව පවතින අතර, නවීන වාහන භාවිත කරන පාරිභෝගිකයින් අපහසුතාවට පත්ව සිටින බවද ඔවුන් පෙන්වා දෙයි.
