දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය 2009 මැයි 18 වනදා නන්දිකඩාල් ප්‍රදේශයේදී අවසන් වූ අතර අදට එම යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරේ.
වේලුපිල්ලේ ප්රභාකරන් මියයාමත් සමඟ යුද්ධය නිමාවට පත්වූ අතර, එතෙක් දිවයින පුරා සිදුවූ බෝම්බ ප්‍රහාර සහ මිනිස් ඝාතන රැසකටද අවසානයක් හිමිවිය.
රණවිරුවන්ගේ කැපවීම සැමරීම සඳහා ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
