විදේශ කටයුතු අමාත්‍යාංශයේ e-DAS විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලේඛන සහතික කිරීමේ සියලු සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
බත්තරමුල්ල ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සමඟ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවල සේවාවන්ද මෙයට ඇතුළත් වේ.
තාක්ෂණික දෝෂය ඉක්මනින් නිවැරදි කර සාමාන්‍ය සේවාවන් යළි ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.
