ඊශ්‍රායල හමුදාව ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.
නම සඳහන් නොකළ ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වමින් එම වාර්තා පවසන්නේ, ඇමරිකාවෙන් එල්ල විය හැකි නව ප්‍රහාරයකට ඊශ්‍රායලයද එක්වීමට සූදානමින් සිටින බවයි.
ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක විය හැකි බවද සඳහන්.
මෙය වාර්තා වන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකතන සංවාදයකින් අනතුරුවයි.
