Live 24

Monday
September 15, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
September 15, 2025
  • Home
  • උණුසුම් පුවත්
  • පළාත් සභාවලට ප්‍රදානයන් වෙන් කෙරෙන නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය
Image

පළාත් සභාවලට ප්‍රදානයන් වෙන් කෙරෙන නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය

2025 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි පළාත් සභා සඳහා අවශ්‍ය සම්පත් අවශ්‍යතාවන් පිළිබඳවත්, පළාත් සභා සඳහා ජාතික අයවැයෙන් වෙන් කෙරෙන ප්‍රදානයන් එක් එක් පළාත් සභාව සඳහා වෙන් කර දීමේ මූලධර්ම පිළිබඳවත් නිර්දේශ ඉදිරිපත් කිරීම මුදල් කොමිෂන් සභාව වෙතපැවරී තිබෙනවා.

ඒ අනුව, එක් එක් පළාත් සභාව වෙනුවෙන් 2025 වර්ෂයේ ජාතික අයවැය මඟින් වෙන් කර දීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලබන පුනරාර්වර්තන හා ප්‍රාග්ධන වියදම් අවශ්‍යතා ඇතුළත් වාර්තාව එම කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණා.

එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ (7) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

Releated News

කඩවත – මීරිගම අධිවේගයේ කටයුතු පටන් ගන්නවා

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් 17 වන දින නිල වශයෙන් නැවත…

Sep 15, 2025
අලුත් වෙන මරදාන

තිරසර ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා සිහින ගමනාන්තය දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ…

Sep 15, 2025
අරක්කු බෝතලයක් නිසා පොලිසියේ තුනකට අවුරුදු 7ක සිරදඬුවමක්

පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පොළොන්නරුව මහාධිකරණය මගින් වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවම්…

Sep 15, 2025
තිසකුට්ටි අධිකරණය හමුවේ කනගාටුව පළ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා…

Jul 29, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *