Live 24

Thursday
July 10, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
July 10, 2025
  • Home
  • උණුසුම් පුවත්
  • පළාත් සභාවලට ප්‍රදානයන් වෙන් කෙරෙන නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය
Image

පළාත් සභාවලට ප්‍රදානයන් වෙන් කෙරෙන නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය

2025 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි පළාත් සභා සඳහා අවශ්‍ය සම්පත් අවශ්‍යතාවන් පිළිබඳවත්, පළාත් සභා සඳහා ජාතික අයවැයෙන් වෙන් කෙරෙන ප්‍රදානයන් එක් එක් පළාත් සභාව සඳහා වෙන් කර දීමේ මූලධර්ම පිළිබඳවත් නිර්දේශ ඉදිරිපත් කිරීම මුදල් කොමිෂන් සභාව වෙතපැවරී තිබෙනවා.

ඒ අනුව, එක් එක් පළාත් සභාව වෙනුවෙන් 2025 වර්ෂයේ ජාතික අයවැය මඟින් වෙන් කර දීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලබන පුනරාර්වර්තන හා ප්‍රාග්ධන වියදම් අවශ්‍යතා ඇතුළත් වාර්තාව එම කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණා.

එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ (7) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

Releated News

Breaking: එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා…

Jul 4, 2025
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *