Live 24

Saturday
May 31, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
May 31, 2025
Image

කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමටයි.

අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය අප්‍රේල් 26 වන සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1:30ට සිදුවන බව වතිකානය නිවේදනය කර තිබෙනවා.

උන්වහන්සේගේ දේහය අද (23) එරට වේලාවෙන් පෙරවරු 09:00 සාන්ත පීතර බැසිලිකාවට රැගෙන යාමට නියමිතයි.

මහජන ගෞරවය සඳහා අවමංගල්‍යය පූජෝත්සව තෙක් උන්වහන්සේගේ දේහය එහි තැන්පත් කර තැබෙනු ඇත.

Releated News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය…

May 30, 2025
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ…

May 30, 2025
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙයි

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අද (29) දහවල් අපවත් වුණා.…

May 29, 2025
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට…

May 29, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *