කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමටයි.
අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය අප්‍රේල් 26 වන සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1:30ට සිදුවන බව වතිකානය නිවේදනය කර තිබෙනවා.
උන්වහන්සේගේ දේහය අද (23) එරට වේලාවෙන් පෙරවරු 09:00 සාන්ත පීතර බැසිලිකාවට රැගෙන යාමට නියමිතයි.
මහජන ගෞරවය සඳහා අවමංගල්‍යය පූජෝත්සව තෙක් උන්වහන්සේගේ දේහය එහි තැන්පත් කර තැබෙනු ඇත.