Live 24

Tuesday
July 1, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
July 1, 2025
  • Home
  • Local
  • ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්
Image

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම අයත් ‘බයිට් ඩාන්ස්’ නම් සමාගම විසින් එම තහනමට එරෙහිව ගොනු කර තිබු අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

චීන නිෂ්පාදනයක් වන ටික්ටොක් යෙදවුම හරහා චීනය අමෙරිකාවේ තොරතුරු වෙත පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවටත් ජාතික ආරක්ෂක බලධාරීන් චෝදනා කර තිබුණා.

ඒ අනුව පසුගිය වසරේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙස.ටික්ටොක් අයත් බයිට් ඩාන්ස් සමාගමට නියෝග කෙරුණා.

එසේ නොකළහොත් ජනවාරි 19 වැනිදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් වනු ඇති බවට දැනුම් දී තිබුණා.

කෙසේවෙතත්, බයිට් ඩාන්ස් සමාගම ටික් ටොක් යෙදවුම සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගැනීමට පියවර ගෙන තිබුණේ නැහැ.

ඒ අනුව,  එම සමාගම එම නියෝගයට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කර තිබෙනවා.

මේ අතර, අමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන අතර තමාට ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය බවයි.

කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට සියලු දෙනා අවනත යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ටික් ටොක් වෙත තහනමක් පැනවුණත් එය ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නොමැති අතර ධවල මන්දිරය නිවේදනය කර ඇත්තේ, මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇති බවයි.

මිලියන ගණනක් වන අමෙරිකානු ටික්ටොක් පරිශීලකයන්, නිර්මාණකරුවන් මෙන්ම ටික් ටොක් භාවිතයෙන් ව්‍යාපාරවල නිරතවන පිරිස්  මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Releated News

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025
කෙහෙළිය පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම…

Jun 26, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *