Live 24

Sunday
June 22, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
June 22, 2025
  • Home
  • Local
  • ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්
Image

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම අයත් ‘බයිට් ඩාන්ස්’ නම් සමාගම විසින් එම තහනමට එරෙහිව ගොනු කර තිබු අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

චීන නිෂ්පාදනයක් වන ටික්ටොක් යෙදවුම හරහා චීනය අමෙරිකාවේ තොරතුරු වෙත පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවටත් ජාතික ආරක්ෂක බලධාරීන් චෝදනා කර තිබුණා.

ඒ අනුව පසුගිය වසරේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙස.ටික්ටොක් අයත් බයිට් ඩාන්ස් සමාගමට නියෝග කෙරුණා.

එසේ නොකළහොත් ජනවාරි 19 වැනිදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් වනු ඇති බවට දැනුම් දී තිබුණා.

කෙසේවෙතත්, බයිට් ඩාන්ස් සමාගම ටික් ටොක් යෙදවුම සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගැනීමට පියවර ගෙන තිබුණේ නැහැ.

ඒ අනුව,  එම සමාගම එම නියෝගයට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කර තිබෙනවා.

මේ අතර, අමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන අතර තමාට ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය බවයි.

කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට සියලු දෙනා අවනත යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ටික් ටොක් වෙත තහනමක් පැනවුණත් එය ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නොමැති අතර ධවල මන්දිරය නිවේදනය කර ඇත්තේ, මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇති බවයි.

මිලියන ගණනක් වන අමෙරිකානු ටික්ටොක් පරිශීලකයන්, නිර්මාණකරුවන් මෙන්ම ටික් ටොක් භාවිතයෙන් ව්‍යාපාරවල නිරතවන පිරිස්  මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Releated News

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…

Jun 18, 2025
කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය…

Jun 16, 2025
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන…

Jun 14, 2025
සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බැරුව නලින්ද නැවත නැවත වැඩ තහනම් ලිපියක් එළියට දමමින් තර්ජනය…

*වැඩ තහනම් කරලා කටවල් වැසීම පරණ ක්‍රමයක්. මේ වැඩ තහනම් කරපු ලිපිය නිකුත් කරලා තියෙන විදිහ වැරදියි. මෙය…

Jun 9, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *