Live 24

Tuesday
July 1, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
July 1, 2025
  • Home
  • Local
  • Breaking : නව කථානායක මෙන්න
Image

Breaking : නව කථානායක මෙන්න

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න. මහතා තේරී පත්වී තිබෙනවා.

ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීයි.

නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර එය ස්ථීර කරනු ලැබුවේ, බිමල් රත්නායක විසින්.

වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ගල්අමුණ මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළට පෙනී සිට තිබෙනවා.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යා උපාධිය ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය පරිපාලන උපාධිය ද ලබා ඇති අතර විෂය කේෂ්ත්‍රයට අයත් දෙස් විදෙස් පාඨමාලා හා පුහුණු වැඩසටහන් විශාල ප්‍රමාණයකට සම්බන්ධ වී තිබෙනවා.

ඔහු වෛද්‍යවරයෙක්, වෛද්‍ය පරිපාලන අධ්‍යක්ෂවරයෙක් ලෙස හා පොළොන්නරුවේ චීන ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ඇතුළුව වසර 26ක කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ ජනතාව වෙනුවෙන් සේවය කළ අයෙක්.

මෙවර මහ මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මනාප 51,391ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය නියෝජනය වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු වරම් දිනාගත්තා.

10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩු ව තිබුණා.

මේ අතර සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර තිබුණද අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී  කථානායකවරයෙකු සඳහා නමක් යෝජනා නොකිරීමට ඔවුන් පියවර ගත්තා.

Releated News

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025
කෙහෙළිය පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම…

Jun 26, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *