2026 FIFA ලෝක කුසලාන ‘J’ කාණ්ඩයේ ඇල්ජීරියාවට එරෙහි තරගයේදී ලියොනල් මෙසී ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ආර්ජන්ටිනාවට 3-0ක ජයක් හිමිකර දුන්නා.
එම දක්ෂතාවත් සමඟ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස ජර්මනියේ මිරෝස්ලාව් ක්ලෝස තබා තිබූ ගෝල 16 වාර්තාව සම කිරීමටද මෙසී සමත් වුණා. තවද, 2026 ලෝක කුසලානයේ ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවටද ඔහු පත්වුණා.
