හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව යෝෂිත රාජපක්ෂ මහතා අද (17) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා.
ඉන් අනතුරුව ඔහුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
