කොන්ග්රස් අනුමැතියකින් තොරව ඉරානයේ හමුදා ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම වැළැක්වීමට ඇමරිකානු සෙනට් මණ්ඩලය යුධ බලතල යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙය ජනපති ට්‍රම්ප්ගේ විධායක බලයට එල්ල වූ සෘජු අභියෝගයක් ලෙස විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර, එවැනි යෝජනාවකට සෙනට් අනුමැතිය හිමි වූ පළමු අවස්ථාව ලෙසද වාර්තා වනවා.
කෙසේවෙතත්, එය බලාත්මක වීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතියද අවශ්‍යයි.
