ගල්කිස්ස අත්තිඩිය පාර ප්‍රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලා මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ගල්කිස්ස අපරාධ විමර්ශන නිලධාරීන් එක්ව කළ මෙහෙයුමේදී රුපියල් කෝටියකට ආසන්න සන්නිවේදන උපකරණද සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.
