Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
  • Home
  • Politics
  • 13 ගැන පම්පෝරි ගහන නායකයොන්ට තවම පළාත් සභා ඡන්දයවත් හරියට තියාගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Image

13 ගැන පම්පෝරි ගහන නායකයොන්ට තවම පළාත් සභා ඡන්දයවත් හරියට තියාගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පළාත් සභා ඡන්දයවත් තියන්න බැරි නායකයන් 13 වැනි සංශෝධනය ගැන කතා කරන්නේ කොහොමද කියා සිතා ගත නොහැකි බවත් උතුරු පළාතට පමණක් නොව මුළු රටටම සංහිඳියාව, සහෝදරයත්වය, වගවීම හා වගකීම අවශ්‍ය බැවින් සමගි ජන බලවේග රජයක් තුළ ලබන වසරේ මුල් භාගයේ පළාත් සභා මැතිවරණය පවත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 10) යාපනය පේදුරුතුඩුව කොට්ටවට්ටි ඇමෙරිකන් දමිළ මිශ්‍ර පාසලට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 228 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාතන් මහතා ද එක්ව සිටි අයුරු දැකගත හැකිවිය.*

*13 වැනි සංශෝධනය කියන්නේ අමුතු දෙයක් නොවේ*

විවිධ නායකයන් යාපනයේ ජනතාව දේශපාලන සංගීත පුටු සෙල්ලමකට ලක් කර ඇති බවත් විවිධ අවස්ථාවල පැමිණ විවිධ දේවල් කරනා බවත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අමුතු දෙයක් නොව එය අප රටේ නීති පොතේ ඇති දෙයක් බවත් කවුරු ඒ ගැන කුමන කතා කිව්වත් අද 13 වැනි සංශෝධනයෙන් බිහි කළ පළාත් සභා සියල්ල අක්‍රීය වී ඇති බවත් සමගි ජන බලවේග රජයක් තුළ පළාත් සභා ඡන්දය පැවතුනු ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*අපේ රජයක් තුළ පළාත් සභා මැතිවරණයත් පවත්වනවා*

මේ වන විට පළාත් සභා නොමැති වුවත් පළාත් සභාවේ සභාපතිවරයා වැටුප් ලබන බවත් නමට පළාත් සභා තිබුණත් මහජන නියෝජිතයන් හරහා පොදුජනතාවට සිදුවිය යුතු සේවාව ඉටු නොවන නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ම නීති සම්පාදනය කර පළාත් සභා ක්ෂේත්‍රය හරහා සේවයක් අපේක්ෂා කරනා සියලු දෙනාට සාධාරණයක් ඉටු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*සිංහල පමණයි දමිළ පමණයි කිව්වා ඇති*

අප රටට දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් ඒ තුළින් සුහුරු රටක් බිහි කළ යුතු බවත් ඒ සඳහා සුහුරු අධ්‍යාපනයක් අවශ්‍ය බවත් එහි දී සිංහල පමණයි දමිළ පමණයි කිය කියා නොසිට ඉංග්‍රීසි භාෂා හා පරිගණක තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ප්‍රවර්ධනය කළ යුතු බවත් ලෝකයේ ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුමට සැපයුම ලබා දෙන විෂය නිර්දේශයක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම යාපනය දිස්ත්‍රික්කයත් උතුරු පළාතේ සෙසු ප්‍රදේශත් දැනුමේ කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරනා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

*සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 228ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2550ක් වැය කර තිබේ.

Releated News

සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට පැතිර යන කතාවට සජිත් ප්‍රේමදාසගෙ​න් පිලිතුරු

සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට පැතිර යන කතා අමූලික පට්ටපල් බොරු බව සමගි ජන බලවේග නායක විපක්ෂ…

Mar 25, 2025
ජාතික ජන බලවේගයෙන් දේශබන්දුට එරෙහිව විශ්වාසභංගයක්

බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ.…

Mar 25, 2025
ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි!

මෙරට ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවකදී රජයේ ආයතනවලට දත්ත හෝ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන තෙක්, ස්ටාර්ලින්ක්…

Mar 25, 2025
Breaking: දේශබන්දු යළි රිමාන්ඩ්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට…

Mar 20, 2025
දේශබන්දුගේ බිරිඳ ඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂකවරියක්..! දින දහ අටක් තිස්සේ ඈ නිවාඩු..!

දේශබන්දුගේ බිරිඳඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂකවරියක්..!  දින දහ අටක් තිස්සේ ඈ නිවාඩු..! ඖෂධ ගෙන්වීමට අදාල ලිපි ගොනු 300 ක් මඟ…

Mar 19, 2025
දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්වීමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.…

Mar 19, 2025
Breaking: ආරක්ෂාව ඉල්ලූ මහින්දගේ පෙත්සම විසි කරලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර…

Mar 19, 2025
ඩිජිටල් IDයට දත්ත එකතු කරන්න මධ්‍යස්ථාන 2,300ක්

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක…

Jan 27, 2025
WTC එකට රෑට රෑට පනින Batman අල්ලයි

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින්…

Jan 24, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *