Live 24

February 13, 2026
☁️Overcast, 29°C
February 13, 2026
☁️Overcast, 29°C
  • Home
  • Blog
  • කෙන්යානු පාර්ලිමේන්තුවට ගිනි තබයි
Image

කෙන්යානු පාර්ලිමේන්තුවට ගිනි තබයි

කෙන්යාවේ විරෝධතාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට ගිනි තබා තිබේ.

ඒ, ආන්දෝලනාත්මක මූල්‍ය පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාර්ලිමේන්තු සෙංකෝලය ද සොරකම් කර ඇති බවයි.

එරට සෑම ප්‍රදේශයකම විරෝධතා ක්‍රියාත්මක වී ඇති අතර නයිරෝබි අගනගරයේදී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

විරෝධතාකරුවන් අතර හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ සොහොයුරියක වන අවුමා ඔබාමා ද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ පිළිබඳව එරට ජනාධිපති විලියම් රූටෝ ජාතිය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ විරෝධතාකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් වන බවයි.

ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබේ.

විරෝධතා සඳහා හේතු වූ මූල්‍ය පනත් කෙටුම්පතට අනුව අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ කිහිපයක් සඳහා අගය එකතු කිරීමේ බද්දක් එක් කිරීමට නියමිත වූ බව සඳහන්ය.

කෙසේ වෙතත් පසුගිය සතියේ සිට ඊට එරෙහිව පැවති විරෝධතා හේතුවෙන් බදු වැඩි කිරීම් කිහිපයක් පනත් කෙටුම්පතින් ඉවත් කිරීමට එරට රජය තීරණය කර ඇත.

Releated News

තායිලන්ත නිදහස් උළෙල විජයන්ති එදිරිසිංහ මහත්මියගේ ප්‍රදානත්වයෙන්..

2026 පෙබරවාරි මස 04 වන දින 78 වන නිදහස් සැමරුම් උලෙල තායිලන්තයේදී තායිලන්ත ශ්‍රී ලංකා තානාපතිනී හා නිත්‍ය…

Feb 6, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
“අපි කොහෙවත් ගියේ නැහැ.රමේෂ්

පසුගිය කාලසීමාවේ දේශපාලනික වශයෙන් අනුගමනය කළ නිහඬතාව බිඳ දමමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නැවත ශක්තිමත් ලෙස දේශපාලන…

Jan 23, 2026
පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

‘පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටට බලපා තිබෙන සුළි කුණාටුව සහ අධික…

Nov 28, 2025
1 Comments Text
  • web site says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I like this site very much, Its a rattling nice position to read and get info.Money from blog
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *