ඕනෑ ම වෙලාවට ඕනෑ ම මැතිවරණයකට අපි සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සමගි ජන බලවේගය පොදුජනතාව සමඟ සිටිනා බැවින් මැතිවරණ තියන වේලාව වැදගත් නොවන බවත් ඕනෑ ම මැතිවරණයකට ඕනෑ ම අවස්ථාවකට සූදානම් බවත් සමගි ජන බලවේගය හැරදා කිසිම අයකු එක්සත් ජාතික පක්ෂයකට එකතු නොවන බවත් ජනාධිපතිවරයාට එය හීනයක් බවත් ජනාධිපතිවරයාවත් වෙන කවුරුන් හෝ කුමන කතා කිව්වත් ලක්ෂ 220 ඉලක්ක කර ගෙන සමගි ජන බලවේගය සිය සේවාවන් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහනුවර දී මල්වතු අස්ගිරි මහනාහිමිවරු හමු වී සමගි ජන බලවේගය විසින් ඉටු කළ සේවාවන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ය.*

එසේ ම ජනාධිපතිවරයා ජූලි 2 පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ රටම අන්දවීමට රැවටීමට සහ බොරුව මුසාව මුලාව රජකරවීමට බවත් සමගි ජන බලවේගය අයිඑම්එෆ් එකත් එක්ක වැඩ කරන බවත් එහි දී ඇති කර ගන්නා ගිවිසුම ජනතා කේන්ද්‍රීය ප්‍රජාවට අහිතකර නොවන මානුෂීයවාදී ප්‍රගතිශීලී ගිවිසුමක් බවත් එය සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන ගිවිසුමක් නොව ජනතාව ජයග්‍රහණය කරවන ගිවිසුමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම රටත් බංකොලොත් වූ මොහොතක සුළුතරයක් දෙනා බංකොලොත් අදහස් දරණ බවත් සක්වල, හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ විවෘතභාවය, වගවිම හා වගකීම උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් බවත් නොහැකියාවක් සහිත කයිය ගහන කණ්ඩායම්වලට මේ වැඩසටහන් විවේචනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මල්වතු අස්ගිරි මහනාහිමිවරු හමු වූ අතර එහි දී සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම, සක්වල සුහුරු පන්ති කාමර සහ සක්වල බස් රථ වැඩසටහන් සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී. එසේ ම මෙහි දී සසුනට අරුණ වැඩසටහන යටතේ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගෙන සිදු කරන ලද ශාසනික සේවාව සම්බන්ධයෙන් ද මල්වතු අස්ගිරි මහනාහිමිවරු දැනුවත් කරන ලදී. මෙම වැඩසටහන් සම්බන්ධ සියලු අයවැය වාර්තා සහ සවිස්තර තොරතුරු සහිත ලේඛනයක් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ පරිශීලනය උදෙසා ලබා දෙන ලදී.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect