පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2026 FIFA ලෝක කුසලාන තරඟාවලියෙන් පසු තමන්ගේ අවසන් ලෝක කුසලාන තරඟයට ක්‍රීඩා කළ බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
අවසන් 16 දෙනාගේ වටයේදී ස්පාඤ්ඤය හමුවේ පෘතුගාලය පරාජයට පත්වීමත් සමඟ ඔහුගේ ලෝක කුසලාන ගමන අවසන් වුණා.
තරඟයෙන් අනතුරුව අදහස් දක්වමින් රොනාල්ඩෝ පැවසුවේ, මෙලෙස ලෝක කුසලානයෙන් සමුගැනීමට සිදුවීම ගැන කනගාටු වුවද, තමන් සෑම විටම උපරිමයෙන් ක්‍රීඩා කළ බවත්, කිසිදු පසුතැවීමකින් තොරව පිටව යන බවයි.
“මෙය මගේ අවසන් ලෝක කුසලානයයි. දැන් පවුල සමඟ කාලය ගත කර, ඉදිරි තීරණ සන්සුන්ව ගැනීමට බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2026 ලෝක කුසලානයේ උස්බෙකිස්තානයට එරෙහි තරගයේදී ගෝලයක් වාර්තා කළ රොනාල්ඩෝ, ලෝක කුසලාන තරඟාවලි හයකදී ගෝල වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස නව ඉතිහාසයක් ද නිර්මාණය කළා.
ඔහු සිය ලෝක කුසලාන දිවිය තුළ තරග 27කට ක්‍රීඩා කර ගෝල 11ක් වාර්තා කර ඇති අතර, වැඩිම ලෝක කුසලාන තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.
