Live 24

December 1, 2025
Partly cloudy, 28°C
December 1, 2025
Partly cloudy, 28°C
  • Home
  • Politics
  • ‘එක්සත් ජාතික පක්ෂය ලේනව කියලා පුද්ගලයෙකු හරහා ජනාධිපතිවරණය කල් දා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා
Image

‘එක්සත් ජාතික පක්ෂය ලේනව කියලා පුද්ගලයෙකු හරහා ජනාධිපතිවරණය කල් දා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා

‘එක්සත් ජාතික පක්ෂය ලේනව කියලා පුද්ගලයෙකු හරහා ජනාධිපතිවරණය කල් දා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තිබෙනවා.

මේ අතර ලේනව කියන පුද්ගලයා සමගි ජනබලවේගය සමඟ සම්බන්ධයි කියලා පෙන්වන්න එක්සත් ජාතික පක්ෂය උත්සහ කරනවා. ලේනව කියන පුද්ගලයා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සංවර්ධන පෙරමුණ කියලා පක්ෂයක ජාතික ලැයිස්තුවේ හිටියා කියලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර කියනවා. සංවර්ධන පෙරමුණ කියන පක්ෂය රොහාන් පල්ලෙවත්ත මහත්තයාගේ පක්ෂය කියලත් එක්සත් ජාතික පක්ෂය කියනවා. රොහාන් පල්ලෙවත්ත මහත්තයා ඉන්නේ සමගි ජනබලවේගයේ නිසා ජනාධිපතිවරණය කල් දා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරලා තිබෙන්නේ සමගි ජනබලවේගය කියලා කියන්න පාලිත රංගේ බණ්ඩාර උත්සහ කරනවා.

රොහාන් පල්ලෙවත්ත මහත්තයා 2019 ජනාධිපතිධුර අපෙක්ෂකයෙක්. රොහාන් පල්ලෙවත්ත මහත්තයා 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ සමගි ජනබලවේගය සමඟ එකතු වුණා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ලේනව කියන පුද්ගලයා ජාතික ලැයිස්තුවේ හිටියා කියලා හෝ රොහාන් පල්ලෙවත්ත මහත්තයා සමගි ජනබලවේගය සමඟ හිටියා කියලා සම්බන්ධයක් නිර්මාණය කරන්න හැකියාවක් නෑ. රොහාන් පල්ලෙවත්ත මහත්තයා පක්ෂය සමඟ නෙවෙයි සමගි ජනබලවේගයට එකතු වුණා. ඔහු සමගි ජනබලවේගය සමඟ එකතුවුණේ තනිවම.

2020 එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ සුදත් චන්ද්‍රසේකර මහත්තයා ඉන්නවා. නමුත් සුදත් චන්ද්‍රසේකර මහත්තයා 2019 මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්තයාට තමයි සහයෝගය ලබාදුන්නේ. 2019 ජනාධිපතිවරණයේ මෙහෙයුම් ප්‍රධානියෙක් ලෙස සුදත් චන්ද්‍රසේකර මහත්තයා කටයුතු කළා. එහෙමනම් සමගි ජනබලවේගයටත් කියන්න පුලුවනේ සුදත් චන්ද්‍රසේකර මහත්තයා සමගි ජනබලවේගයේ කෙනෙක් ජාතික ලැයිස්තුවේ හිටියා කියලා. සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ලැයිස්තුවේ හිටපු හරින් ප්‍රනාන්දුත් දැන් එක්සත් ජාතික පක්ෂයෙ ඉන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය දිනා ගන්න නොහැකිව සිටින අවස්ථාවක විවිධ දේශපාලන උප්පරවැට්ටි යොදමින් නියත ජයග්‍රහනය ලබන සමගි ජනබලවේගයට මඩ ගහන්න උත්සහ කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට ජනාධිපතිවරණය ජයග්‍රහනට කිරිමට නොහැකි බව දන්න නිසා ඔවුන් ජය සමරන්න උත්සහ කරන්නේ සමගි ජනබලවේගය පරාජය කරලා.ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසගේ දේශපාලනය දැන් අවසන්. ජනාධිපතිවරයාගේ වැල් පාලම තව මාස 3 කින් කඩාගෙන වැටෙනවා. ජනාධිපතිගේ වැල් පාලමේ අවසාන ජවනිකා ටික තමයි දැන් ප්‍රදර්ශනය කරමින් සිටින්නේ.

දේශපාලන උප්පරවැට්ටි යොදන්නේ නැතිව මැතිවරණයට සුදානම් වෙන්න කියලා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටිනවා. අවම සියයට 10 ක ඡන්ද ප්‍රතිශතයක්වත් ගන්න කටයුතු කරන්න.

ඒ නිසා නියත ජයග්‍රහනය ලබන පක්ෂය ලෙස සමගි ජනබලවේගයට මඩ ගහන්න එපා කියලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරට මතත් කරලා දෙන්න කැමැතියි.‘‘

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට

මුණුබුරා  සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන…

Sep 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *