Live 24

Tuesday
January 21, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
January 21, 2025
  • Home
  • Blog
  • හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීමට නීතිපතිගේ විරෝධය
Image

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීමට නීතිපතිගේ විරෝධය

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (ජුලි 4 වැනිදා) කොළඹ මහාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

මෙම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ සලකා බැලුණි.

එහිදී විනිසුරුවරයා රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කරන්නේදැයි විමසා සිටියේය.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් එම විරෝධතා ලිඛිතව ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම නඩුව මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වෙනත් නඩු විභාගයක් සඳහා ගම්පහ මහාධිකරණයට ගොස් සිටින බැවින් එම විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට කල් ලබා දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම යළි ලබන ජුලි 11 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට කළ අභියාචනය

වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහිදී එම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදුන් අතර එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදා හරින ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණය හමුවේ මීට පෙර ඉල්ලීමක් කරන ලදී.

විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවට එරෙහිව නියම කර ඇති දඬුවමට එරෙහිව ඇය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

ඇයට නියම වී තිබෙන දඬුවමේ ස්වභාවය හා ඇයට දරුවන් තුන් දෙනෙකු සිටීම යන කරුණු සලකා බලා ඇයව ඇප මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Releated News

‘වෝග්’ සඟරාව ලංකාවේ දකුණු වෙරළ තීරය ශීත ඍතුවේ උණුසුම්ම ගමනාන්තය ලෙස නම්කරයි

අන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්’ (Vogue), ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත…

Jan 10, 2025
STARLINK පැකේජ සදහාTRCSL අනුමැතිය – මිල ගණන් මෙන්න!

‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි…

Jan 8, 2025
රාජගිරියේ ගරාජයක බිහිසුණු ගින්නක්

රාජගිරිය – මාදින්නාගොඩ මාර්ගයේ ගරාජයක ගින්නක් හටගෙන තිබේ. කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා…

Nov 1, 2024
Breaking:රනිල්ගේ පාස්පෝට් කැබිනට් තීරණයකට උසාවි නියෝගයක්

විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීමට මූලික ප්‍රසම්පාදනයේ කොටසක් ලෙස සමාගම් දෙකකින් N-Series විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී…

Sep 27, 2024
2 Comments Text
  • etruesports says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Magnificent beat I would like to apprentice while you amend your site how can i subscribe for a blog web site The account helped me a acceptable deal I had been a little bit acquainted of this your broadcast offered bright clear idea
  • Best IP TV Services says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I do agree with all the ideas you have introduced on your post They are very convincing and will definitely work Still the posts are very short for newbies May just you please prolong them a little from subsequent time Thank you for the post
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *