Live 24

Saturday
July 27, 2024
loader-image
temperature icon 31°C
scattered clouds
Saturday
July 27, 2024
  • Home
  • Crime/police
  • හිරුණිකාට නඩු දාන්න මහේස්ත්‍රාත් පොලීසියට නියෝග කරයි
Image

හිරුණිකාට නඩු දාන්න මහේස්ත්‍රාත් පොලීසියට නියෝග කරයි

වීදී නාට්‍යයක් කරමින්, මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධා කලේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසට එරෙහිව සාක්ෂි ඇත්නම් නඩු පවරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කුරුඳුවත්ත පොලිසියට අද (10) නියෝග කර තිබෙනවා.

කාන්තා අයිතීන් වෙනුවෙන් වීදි නාට්‍යයක් කිරීමෙන් හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධාවක් කලේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට මෙලෙස නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ පමිණිල්ල කැඳවු අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු කාන්තාවන් 13 දෙනෙකු සහ එක් පුද්ගලයකු අධිකරණයේ පෙනී සිටියා.

පසුගිය 2022 වසරේ නොවැම්බර් 14 වැනිදා හෝ ඊට ආසන්නන දිනයක කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ වීදී නාට්‍යයක් කරමින්, මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධා කලේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීහු සිද්ධියට අදාළ විමර්ශ කටයුතු අවසන් කර උධෘත නීතීපතිවරයාට යවා ඇතැයි පවසනු ලැබුවා.

සිද්ධිය වු 2022 නොවැම්බර් 14 වැනිදා රාජකාරියේ නිරතව සිටි කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සාක්ෂි සම්පින්ඩන වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ නිලධාරීන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙතෙක් නීතීපතිවරයාගේ උපදෙස් ලැබී නැතැයි ද අධිකරණයේදී දැනුම් දුන්නා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල කරුණු දක්වමින් සිය සේවාදායිකාව ඇතුළු පිරිස කාන්තා අයිතීන් වෙනුවෙන් එදින වීදි නාට්‍යයක් කර ඇතැත් පොලිස් රාජකාරියට කිසිදු බාධාවක් කර නැතැයි ද පවසනු ලැබු අතර, කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් තම සේවාදායිකාව ඇතුළු පිරිසට කාන්තා අයිතීන් වෙනුවෙන් වීදි නාට්‍ය පෙන්වීමට බාධා කර ඇතැයිද නීතිඥවරයා මෙහිදි අධිකරණයේදී පැවසුවා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සාක්ෂි ඇත්තම් සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුව ඔක්තෝබර් 21 වැනිදා යළි කැඳවීමට නියම කළා.

Releated News

දේශබන්දු හිටියොත් මැතිවරණය සාමකාමිව තියන්න වෙන්නේ නෑ‘‘ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පතිධූරයේ සිටියානම් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණය සාමකාමීව පැවැත්වීමට සිදු නොවන බවත් දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්…

Jul 25, 2024
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලාල් කාන්ත සහ වසන්තගෙන් බිය වැදීමක් 

චමුදිත විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලාල් කාන්ත වෙනත් වැඩසටහනකදී ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, චමුදිත විසින් සිදු…

Jul 22, 2024
අතුරුගිරියේ වෙඩි තැබීමක්

ක්ලබ් වසන්ත මිය යයි, කේ.සුජීවාට තුවාල ! අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 6 දෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත්…

Jul 8, 2024
සංදර්ශන කරලා කිසිවකුගේ ප්‍රශංසා ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසියට කිසිඳු බලාපොරොත්තුවක් නෑ. – පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

සංදර්ශන කරලා කිසි කෙනෙක්ගෙන් ප්‍රශංසා ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසියට කිසිඳු බලාපොරොත්තුවක් නෑ. මේ රටේ මහජනතාවට අපරාධ බියෙන් තොරව…

Jul 8, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *