Live 24

March 12, 2026
🌤️Mainly clear, 28°C
March 12, 2026
🌤️Mainly clear, 28°C
  • Home
  • Local
  • හිටපු ලොක්කෙක් පැයෙන් passport අරගෙන ගිහින්
Image

හිටපු ලොක්කෙක් පැයෙන් passport අරගෙන ගිහින්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් වියානි ගුණතිලක අද (01) පෙරවරුවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැයක කාලයක් ඇතුළත තම නව ගුවන් ගමන් බලපත්‍රය ලබාගෙන තිබෙනවා.

පෙරවරු 10.15ට පැමිණි ඔහු 11.30 වනවිට තමා සතුව පැවැති රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කර N11540935 අංක දරන සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට වාර්තා වුණා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක (ප්‍රත්‍යන්ත පාලන හා තොරතුරු තාක්ෂණ) නිලධාරී ඉන්දික හේරත් මහතා මේ සඳහා සහාය දක්වා ඇති බව සඳහන්.

මොහු වියානි ගුණතිලක හට කඩිනමින් මෙම ගුවන් ගමන් බලපත්‍රය ලබාගත හැකි පරිදි අංක 3001 දරන ටෝකන් පත නිකුත් කර අදාළ කාර්ය‍ය පැයක් ඇතුළත අවසන් කරදී තිබෙනවා.

ඉන්දික හේරත් නම් තැනැත්තා මෙම තනතුරට පත් වූයේද පැවති ආණ්ඩුවේ දී මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ව සිටි වියානි ගුණතිලක සහ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය⁣ගේ සහයෝගයෙන්.

සාමාන්‍ය ජනතාව දීර්ඝ කාලයක් පෝලිමේ සිට සති දෙකකට ඉදිරියෙන් තිබෙන දිනයකට ටෝකන් ගෙන අයදුම්පත් බාර දීමට පැමිණෙන තත්ත්වයක් පවතින වාතාවරණයක මෙම අර්බුදයට එක් හේතුවන් වූ වියානි VIP පර්යන්තයෙන් පැයක පමණ කාලයක් ඇතුළත මෙම බලපත්‍රය ලබාගෙන අවසන් වීම ගැටලු සහගත කාරණයක් වනවා.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *