Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • Local
  • හිටපු ලොක්කෙක් පැයෙන් passport අරගෙන ගිහින්
Image

හිටපු ලොක්කෙක් පැයෙන් passport අරගෙන ගිහින්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් වියානි ගුණතිලක අද (01) පෙරවරුවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැයක කාලයක් ඇතුළත තම නව ගුවන් ගමන් බලපත්‍රය ලබාගෙන තිබෙනවා.

පෙරවරු 10.15ට පැමිණි ඔහු 11.30 වනවිට තමා සතුව පැවැති රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කර N11540935 අංක දරන සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට වාර්තා වුණා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක (ප්‍රත්‍යන්ත පාලන හා තොරතුරු තාක්ෂණ) නිලධාරී ඉන්දික හේරත් මහතා මේ සඳහා සහාය දක්වා ඇති බව සඳහන්.

මොහු වියානි ගුණතිලක හට කඩිනමින් මෙම ගුවන් ගමන් බලපත්‍රය ලබාගත හැකි පරිදි අංක 3001 දරන ටෝකන් පත නිකුත් කර අදාළ කාර්ය‍ය පැයක් ඇතුළත අවසන් කරදී තිබෙනවා.

ඉන්දික හේරත් නම් තැනැත්තා මෙම තනතුරට පත් වූයේද පැවති ආණ්ඩුවේ දී මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ව සිටි වියානි ගුණතිලක සහ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය⁣ගේ සහයෝගයෙන්.

සාමාන්‍ය ජනතාව දීර්ඝ කාලයක් පෝලිමේ සිට සති දෙකකට ඉදිරියෙන් තිබෙන දිනයකට ටෝකන් ගෙන අයදුම්පත් බාර දීමට පැමිණෙන තත්ත්වයක් පවතින වාතාවරණයක මෙම අර්බුදයට එක් හේතුවන් වූ වියානි VIP පර්යන්තයෙන් පැයක පමණ කාලයක් ඇතුළත මෙම බලපත්‍රය ලබාගෙන අවසන් වීම ගැටලු සහගත කාරණයක් වනවා.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *