Live 24

January 23, 2026
☀️Clear sky, 27°C
January 23, 2026
☀️Clear sky, 27°C
  • Home
  • Politics
  • හැමෝටම තමන් විශ්වාස කරන ආගමක් පිළිපැදීමේ සංස්කෘතික අයිතිය තිබෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Image

හැමෝටම තමන් විශ්වාස කරන ආගමක් පිළිපැදීමේ සංස්කෘතික අයිතිය තිබෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතිය වෙනුවෙන් සංස්කෘතික අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් ආදාහනය භූමදානය ගැටලුවේ දී ඉස්ලාමීය ප්‍රජාව, මුස්ලිම් ප්‍රජාව අපහසුතාවට පත් කළ බවත් ජාතිවාදය ආගම්වාදය උපුටා දක්වමින් මේ ජනතාව තලා පෙලා ඔවුන්ගේ සංස්කෘතික අයිතිය ආගමික අයිතිය අහිමි කළ මොහොතක මේ ජනතාව වෙනුවෙන් මහපාරට බැස්සේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සියලුම ජන කොටස්වලට තමන් විශ්වාස කරන ආගමක් ඇදහීමට ජාතියට කේන්ද්‍රීය වූ විවිධ සංස්කෘතික ආගමික අයිතීන් පිළිපදින්න අයිතියක් ඇති බවත් එය මූලික හා මානව අයිතියක් බවත් ඒ අයිතිය සුරකින්න සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජූලි 04) මඩකලපුව කාත්තන්කුඩි බද්රියා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 285 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.*

පලස්තීන ජනතාවට තමන්ගේම රාජ්‍යයක් තුළ තමන්ගේම රටක් තුළ නිදහස් නිවහල් දේශයක් හා ජන කොට්ඨාසයක් ලෙස ජීවත් වීමේ අවස්ථාව අද වන විට අහිමි වි ඇති බවත් මේ අවස්ථාවේ සමගි ජන බලවේගය ප්‍රමුඛ තමා සිට ගන්නේ පලස්තීන ජනතාව සමඟ බවත් ඊශ්‍රායල අගමැතිවරයා පලස්තීන ජනතාව සමූල ඝාතනයකට ලක් කරන බවත් එම ජනතාව වෙත රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා මේ රාජ්‍ය ත්‍රස්තවාදය නතර කළ යුතු බවත් පලස්තීන දරුවන්, මව්වරුන්, වැඩිහිටියන් මරා දමන වැඩසටහන නතර කර පලස්තීන ජනතාවට හිමි භූමිය ලබා දෙන ලෙසත් ගාසා තීරය පලස්තීන ජනතාවගේ අයිතියක් බවත් ඒ අයිතිය ලබා දී භූමියේ අයිතිය ලබා දී පලස්තීන ජාතිකයන්ට තමන්ගේ රටක් තුළ ජීවත් වීමේ නිදහස ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි ප්‍රකාශයක් කිරීමට පාලකයෝ බිය වුවත් තමා එවැනි ප්‍රකාශයක් කිරිමට බිය නොවන බවත් ඊශ්‍රායාල අගමැති බෙන්ජමින් නෙටන්යාහු අගමැතිවරයාට ඇගිල්ල දිගු කර කියා සිටින්නේ මේ ක්‍රියාත්මක රාජ්‍ය ත්‍රස්තවාදය වහාම නතර කර ඊශ්‍රායලයත් පලස්තීනයත් සාමයෙන්, සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් හා මිත්‍රශීලීත්වයෙන් ක්‍රියාත්මක පාලනයකට එකඟ වන ලෙස බවත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ජීනීවා සම්මුතිය, කෑන්ප් ඩේවිඩ් හා ඔස්ලෝ සම්මුති පවා එය අනුමත කර ඇති බවත් ගාසා තීරයේ පලස්තීන ජාතිකයන්ට අයිති ඒ භූමියේ අයිතිය ලබා දී පලස්තීන රටක් නිර්මාණය වන තුරු ඒ ජනතාවගේ දුක, කදුල වේදනාව වෙනුවෙන් පෙනී සිටින බවත් තමාගේ මේ එම ස්ථාවරය වෙනස් නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 285ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3121ක් වැය කර තිබේ.*

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
1 Comments Text
  • Best IP TV Services says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I loved as much as youll receive carried out right here The sketch is attractive your authored material stylish nonetheless you command get bought an nervousness over that you wish be delivering the following unwell unquestionably come more formerly again as exactly the same nearly a lot often inside case you shield this hike
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *