Live 24

Friday
June 14, 2024
loader-image
temperature icon 27°C
overcast clouds
Friday
June 14, 2024
  • Home
  • News
  • සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උසස් පෙළ විභාගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථමයා වන්නට වාසනාව හිමිවූ තිළිණ ධනංජය
Image

සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උසස් පෙළ විභාගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථමයා වන්නට වාසනාව හිමිවූ තිළිණ ධනංජය

සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන මෙවර උසස් පෙළ විභාගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථමයා වන්නට වාසනාව හිමිවූ තිළිණ ධනංජය ගැනයි මේ පුවත.

මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය තුළ සිසුවෙකුට හෝ සිසුවියකට උසස් පෙළ අධ්‍යාපනයේ විෂය ධාරාව තෝරාගැනීමට සිදුවන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් විෂයන් අනිවාර්යයෙන් සමත් වුවහොත් පමණි.

ඒ, රීතිය හමුවේ, ප්‍රතික්ෂේප වීම් මත අනාගතය වෙනස් වන්නට ගොස්, ලැබුණු එක් අවස්ථාවක් නිසා ජීවිතය එළිය කරගත් සිසුවෙකි ඩී. එම්. තිළිණ ධනංජය.

මේ සිසුවා මොනරාගල යුදගනාව විද්‍යාලයෙන් අධ්‍යාපන හදාරා 2020 දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබුණි.

කෙසේවෙතත්, එහි ප්‍රතිඵල මත උසස් පෙළ අධ්‍යාපනය සඳහා ඔහුට බොහෝ පාසල්වලින් දොර විවර නොවීය.

ඒ අනුව බුත්තල, පැල්වත්ත මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. එම්. නන්දසේන මහතා ලබා දෙන අවස්ථාවෙන්, තමන් ප්‍රිය කරන ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව ඔස්සේ උසස් පෙළ හදාරන්නට තිළිණට වරම් හිමිවුණි.

බොහෝ දුෂ්කරතා මැද උනන්දුවෙන් අධ්‍යාපනය හදාරන තිළිණ පසුගියදා නිකුත් වූ 2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජෛව තාක්ෂණ පද්ධති විෂය ධාරාවේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට සමත් වුණි.

Releated News

සජිත් ජනපති කිරීමේ සමගි සන්ධාන සටන පොහොටුවේ 1000ක් සමඟ වසන්ත යාපා යටිනුවරින් අරඹයි

සමගි ජන සන්ධානයේ නායක ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් ජනාධිපති කරවීමේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ආසනයේ සාමාජික ප්‍රවර්ධන…

Jun 10, 2024
2024 වසර නැගී එන මාධ්‍යවේදී සම්මානය ප්‍රවීණ මාධ්‍යවේදී අසංක අතපත්තුට

ඒෂියා මිරකල් සම්මාන උළෙල බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී 30 වන දින රාත්‍රීයේ පැවති අතර එහිදි, 2024 වසරේ…

Jun 7, 2024
විදුලි පනත ඒකමතිකව සම්මතයි

විදුලි බල පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව අද (ජූනි 6) පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ, ඡන්ද විමසීමකින්…

Jun 6, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *