Live 24

Thursday
July 10, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
July 10, 2025
Image

සජිත් ලොකු රහසක් හෙළිකරයි

අද වන විට නමට වෙනස් නමුත් අනියම් ආකාරයෙන් එකතු වූ ප්‍රතිවාදීන් දෙන්නෙක් ඇති බවත් පක්ෂ දෙකක් ලෙස සිටියත් රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක එකට එකතු වී රහස් ගණුදෙනුවක් ක්‍රියාත්මක කරන බවත් සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනුර – රනිල් රහස් ගනුදෙනුව ජනාධිපතිවරයාගේ කටින්ම එළියට ආ බවත් සඳහන් කර සිටි සජිත් ප්‍රේමදාස මහතා, තමා පරාජය වන බැවින් අනුර කුමාරට ඡන්දය දෙන ලෙස ජනාධිපතිවරයා පවසා ඇති බවත් සඳහන් කළේය.

අනුර කුමාර උතුරට ගොස් දකුණේ අය ඔහුට ඡන්දය දෙන නිසා උතුරත් දිය යුතු යැයි පවසන බවත් මේවා දවල් හීන බවත් සඳහන් කරන සජිත් ප්‍රේමදාස මහතා, මුළු රටම මේ වනවිට සාමාන්‍ය ජනතාවට සලකන පොදු ජනතාවට සේවය කරන පොඩි මිනිසා රකින රජයක් වෙනුවෙන් එකට එකතුවී ඇති බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය කැපවෙන බවත් පැවසීය.

ඊයේ (09) මාවතගම පැවති මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.

“දැන් අද බලන්න ප්‍රතිවාදීන් දෙදෙනෙක් ඉන්නවා. නමට වෙනස්. නමුත් අනියම් ආකාරයෙන් එකතුවෙලා. රටට පෙන්වනවා තමන් පක්ෂ දෙකක කියලා. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක. හැබැයි දැවැන්ත රහස් ගනුදෙනුවක් දැන් ක්‍රියාත්මක වෙනවා. මොකක්ද මේ රහස් ගනුදෙනුව. සජිත් ප්‍රේමදාස ට දිනන්න දෙන්න හොඳ නෑ. මෙච්චරකල් තිබුණු රහස් ගනුදෙනුව රනිල් වික්‍රමසිංහ ගේ කටින් එළියට ආවා. මේ ජනාධිපති අපේක්ෂකයා කියනවා එයා පරදිනවලු. හැබැයි දිනන්නේ අනුර කුමාර දිසානායකලු. අනුර කුමාර දිසානායක උතුරට ගිහිල්ලා කියනවා දකුණේ අය මට ඡන්දය දෙනවා, ඒ නිසා උතුරේ අයත් දෙන්නලු. දවල් හීන.”

Releated News

Breaking: එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා…

Jul 4, 2025
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *