Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • උණුසුම් පුවත්
  • සජිත් ජනපති කිරීමේ සමගි සන්ධාන සටන පොහොටුවේ 1000ක් සමඟ වසන්ත යාපා යටිනුවරින් අරඹයි
Image

සජිත් ජනපති කිරීමේ සමගි සන්ධාන සටන පොහොටුවේ 1000ක් සමඟ වසන්ත යාපා යටිනුවරින් අරඹයි

සමගි ජන සන්ධානයේ නායක ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් ජනාධිපති කරවීමේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ආසනයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ඊයේ(10) දින කිරිබත්කුඹුරේදී පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහකාගේ සංවිධානයෙන් අති සාර්ථකව පැවැත්විණි.

පසුගිය 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමටත්, 2020 මහමැතිවරණයේදී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතාගේ ජයග්‍රහණය කරවීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය දුන් සහ ක්‍රියාකාරීව කටයුතු කළ පාක්ෂිකයින් 1000 කට අධික ප්‍රමාණයක් ඊයේ දින සමගි ජන සන්ධානයේ ජයග්‍රහණයට සහයෝගය දැක්වීමට එක් කර ගැනීම මෙහිදී සිදුකෙරිණි.

විශේෂයෙන්ම යටිනුවර පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ කඩුගන්නාව නගර සභාවේ හිටපු විපක්ෂනායකවරයා සහ 2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නිදහස් ජනතා සන්ධානය(හෙලිකොප්ටරය) යටතේ යටිනුවර ප්‍රාදේශීය සභාවට සහ කඩුගන්නාව නගර සභාවට ඉදිරිපත් කළ අපේක්ෂක අපේක්ෂිකාවන් සියළුම දෙනාද සමගි ජන සන්ධානයේ ජයග්‍රහණයට සහාය දීමට එක් කර ගැනීමද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ගරු විපක්ෂ නායකතුමන් නියෝජනය කරමින් සමගි බුද්ධි මණ්ඩ⁣පයේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මැතිතුමාද, සමගි ජන බලවේගයේ යටිනුවර ආසන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගැමුණු අබේසුන්දර මැතිතුමාද සහභාගී විය.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *