Live 24

Tuesday
July 1, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
July 1, 2025
  • Home
  • News
  • යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..!
Image

යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..!

යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..! 

මෙවර ජනාධිපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය ජය ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය සමත් විය. 

පසුගිය ජනාධිපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට ලැබී තිබුණේ ඡන්ද 27,086 ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස 7.29% කි. 

ජනාධිපතිවරණයේ දී එතරම් අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා සිටි ජාතික ජන බලවේගය ඉන් මාස දෙකකටත් අඩු කාලයක දී පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 80,830 ක් ලබා ගත්තේ ය. ප්‍රතිශතයක් ලෙස එය 24.85% ඡන්ද ප්‍රමාණයකි. 

මෙතරම් විශාල ජයග්‍රහණයක් යාපනය දිස්ත්‍රික්කය තුළ ලබා ගැනීමට ජාතික ජන බලවේගයට හැකි වූවේ ප්‍රධාන චරිත දෙකක අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම මත යැයි වාර්තා වේ. 

එම චරිත දෙක වන්නේ, බිමල් රත්නායක සහ රාමලිංගම් චන්ද්‍රසේකරන් ය. 

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව, ඔවුන් දෙදෙනා යාපනයේ නතර වී මහමැතිවරණය සදහා සූදානම් වී ඇති බව පැවසේ. 

ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් අතර කාලයේ දී ඔවුන් දෙදෙනා විශාල රැස්වීම් ප්‍රමාණයක් යාපනයේ පවත්වා ඇති අතර, එම රැස්වීම් සදහා විශාල තරුණ පිරිසක් සහභාගීවී ඇති බවද පැවසේ. 

යාපනයේ පැවති අවසන් රැස්වීම සදහා ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා සහභාගී වූ අතර, එම රැළියට අති විශාල ජනතාවක් සහභාගී වී සිටි බව නිරීක්ෂණය කළ හැකි විය. 

මෙම රැස්වීම සදහා අනුර කු-මාර දිසානායක ජනාධිපතිවරයාට අවශ්‍යනම් හෙලිකොප්ටරයකින් පැමිණිය හැකි වුවත්, එය ඡන්ද රැස්වීමක් බැවින් ජනාධිපතිවරයා එම ගුවන් ගමන ප්‍රතික්ෂේප කර තිබෙන බවද වාර්තා වේ. 

Releated News

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025
කෙහෙළිය පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම…

Jun 26, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *