Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • Local
  • මාලදිවයින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙරටට පැමිණ ස්ථිර පදිංචිය (Permanent Residence) සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක්
Image

මාලදිවයින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙරටට පැමිණ ස්ථිර පදිංචිය (Permanent Residence) සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක්

මෙරට සංචාරයක නිරතව සිටින මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් (Moosa Zameer) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

මාලදිවයින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ෂෙරීනා අබ්දුල් (Sheryna Abdul) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආගමන විගමන කටයුතු පිළිබඳව අමාත්‍යවරුන් දෙපළ අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.
මෙහිදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නව වීසා කාණ්ඩයන් හඳුන්වා දීම පිළිබඳව මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළකරන ලදී.

එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙරටට පැමිණ ස්ථිර පදිංචිය (Permanent Residence) සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කළේය.වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරුන් දෙපළ අතර අදහස් හුවමාරු විය.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *