Live 24

Sunday
March 23, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
March 23, 2025
  • Home
  • Local
  • පොලිසියට ගහන හැම පහරක්මවදින්නේ සමාජයේ නීතිගරුක භාවයට -පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Image

පොලිසියට ගහන හැම පහරක්මවදින්නේ සමාජයේ නීතිගරුක භාවයට -පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

පොලිසියට ගහන ගල් වදින්නේ නීතියේ ආධිපත්‍යයට, බිඳ වැටෙන්නේ
සමාජයේ නීතිය. ඒ වගේම පොලීසිය කාගෙවත් පුද්ගලික දෙයක්
නෙමෙයි. මේ රටේ මහජනතාවට අයිති ආයතනයක්. වර්ථමානයේ
මෙහි භාරකරු වශයෙන් මහජනතාවට උපරිම සේවයක් ඉටු කිරිම
සඳහා දවසේ පැය විසිහතර තුළම පොලිසිය විවෘතව ඇති බව
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය
එතුමන් මෙම අදහස් පළකලේ සුවසාර කැදැල්ල ප්‍රජා පාදක
පුනරුත්ථාපන හා ප්‍රථිකාර මධ්‍යස්ථාන වැඩසටහන, බස්නාහි පළාත්
දකුණු දිසාවේ සමාප්ති උත්සවය සඳහා බත්තරමුල්ල අපේ ගම
පරිශ්‍රයේ දී සහබාගි වෙමිනි
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ
ඇතැම් මිනිස්සු හදන්නේ පොලිසිය අකර්මන්ය කරලා
අපරාධකරුවන්ට සමාජයෙ දොර විවර කර දෙන්න. මේ රටේ මත්ද්‍රව්‍ය
සහ පාතාලය තුරන් කිරීමට රටේ හැම යුක්තිගරුක පුරවැසියන්ගෙම
සහාය පොලිසියට අවශ්‍යයි. යුක්තිය මෙහෙයුමේ ප්‍රතිඵලයක්
වශයෙන් ගත වූ මාස හයක කාලය තුළ මෙරට අපරාධ සීයට
විසිතුනක අඩුවක් පවතින බවත් මේ වර්ෂය අවසන් වන විට
දිවයිනේ වාර්තා වී ඇති අපරාධ අවම කර ගැනීමට සඳහා කටයුතු
කරන බවත් විශේෂයෙන්ම ළමයින් සම්බන්ධයෙන් කෙරෙන ළමා
අපචාර සහ අපයෝජන පිටුදැකීම සඳහා ඉතාම ප්‍රයෝගික
වැඩපිළිවෙලක් ඉදිරි මාසයේදී ආරම්භ කරන බව සඳහන් කළ
පොලිස්පතිතුමන්,

මේ රටේ පොලිසියට මහජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත්,
සමාජයේ යහපත සඳහා පොලිසිය විසින් කරනු ලබන මෙවැනි
කටයුතු සඳහා මහජනතාවගේ උපරිම සහයෝගය බලාපොරොත්තු
වන බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Releated News

හර්ෂ නැත්තම් විපක්ෂයකුත් නැහැ – වසන්ත සමරසිංහ

හර්ෂ නොසිටින්න විපක්ෂයක් නොමැති බවත් ඉදිරියේදී හර්ෂ ද සිල්වා විපක්ෂ නායක වීමේ හැකියාවක්ද පවතින බවත්, වෙළෙඳ, වාණිජ ,ආහාර…

Mar 20, 2025
ආනයනික වාහන ලබන සතියේ සිට වෙළඳපොළට

ලබන සතියේ සිට ආනයනික වාහන මෙරට වෙළදපොළට නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති…

Mar 20, 2025
Breaking: දේශබන්දු යළි රිමාන්ඩ්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට…

Mar 20, 2025
වට්ස්ඇප් ස්ටිකර් භාවිත කරන අයට සුබ ආරංචියක්

මෙටා සමාගම විසින් වට්ස්ඇප් යෙදවුම සඳහා නවමතම යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව දෙන ලද අවස්ථාවක ගනු…

Mar 19, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *