Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • උණුසුම් පුවත්
  • පිරමීඩ ජාවාරම්කාර සමාගමක මෙරට නියෝජිතයෙකුට රටින් පිටවීම තහනම්
Image

පිරමීඩ ජාවාරම්කාර සමාගමක මෙරට නියෝජිතයෙකුට රටින් පිටවීම තහනම්

ශ්‍රී ලාංකිකයන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළේ යැයි කියන මැලේසියාවේ සිට මෙහෙයවූ ලෙජර් බ්ලොක් (Ledger Block) මහා පරිමාණ පිරමීඩාකාර ජාවාරමේ දේශීය නියෝජිත කුරුණෑගල සමන්ත ගුණතිලකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නිකුත් කර තිබෙනවා.

මැලේසියාවේ “ලෙජර් බ්ලොක්” පිරමීඩාකාර සමාගමේ අන්තර්ජාල දත්ත තොරතුරු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට නියෝගයක්ද නිකුත් කළා.

ශ්‍රී ලාංකීයන් පන්දහසකට අධික පිරිසකගේ රුපියල් කෝටි ගණනක මුදල් තැන්පතු බාර ගනිමින්, එම මුදල් වලට දිනපතා, තැන්පත්කරුගේ ජීවිතය තිබෙන තෙක් ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා සමාගමේ නියෝජිතයින් විසින් අන්තර්ජාලය හරහා තැන්පතු භාරගෙන ඇති බව දැනට විමර්ශන තොරතුරු අනුව අනාවරණය වී තිබෙනවා.

ක්‍රිප්ට්‍රො කරන්සි සහ යූඑස්ඩිටි අත්‍යන්තර මුදල් ඒකක හරහා මෙම ප්‍රතිලාභ ලබා දෙන බවට සඳහන් කර ඇති සැකකාර සමාගම ආයෝජනය කරන මුදල්වලට දිනපතා ඇමරිකානු ඩොලර් 0.7ක ප්‍රතිලාභ ලබාදීමට තැන්පත්කරුවන්ට පොරොන්දු වී තිබෙනවා.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026
1 Comments Text
  • droversointeru says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Helpful info. Lucky me I discovered your website by chance, and I am stunned why this twist of fate didn’t came about earlier! I bookmarked it.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *