Live 24

Tuesday
July 1, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
July 1, 2025
  • Home
  • Local
  • ටිරාන් රිවර්ස්. ඔන්ලයින් වීසා පරණ ක්‍රමේටම
Image

ටිරාන් රිවර්ස්. ඔන්ලයින් වීසා පරණ ක්‍රමේටම

වීසා ලබා දීම පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අද (27) සිට ක්‍රියාතමක කෙරෙන බවයි වාර්තා වෙන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ, විශාල ගැටලුවක්ව පැවති වීසා ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයට ගෙවී ගිය පැය 24 තුළ විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පැරණි ක්‍රම වේදය අනුව විසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

”වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වුණා. විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට විසා ලබා ගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා. ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අධිකරණ තීන්දුව අනුව ගෙවී ගිය පැය 24ක කාලය තුළ පැරණි ක්‍රමවේදය අනුවම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. ඒ අනුව අද(26) මධ්‍යම රාත්‍රී 12.00 සිට විසා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීම දැන් විදේශිකයන්ට ඉතා පහසුවෙන් කරගත හැකියි. අද මධ්‍යම රාත්‍රී 12න් මෙම කටයුතු ආරම්භ කර පැය 24ක් තුළ විසා ලබා දීම සිදු කරනවා. මෙය විශාල ජයග්‍රහණයක්. විසා ගැටළුව විශාල පීඩාවක් ගෙන දුන් ප්‍රශ්නයක් වුණා. දැන් අප එම ප්‍රශ්නයට විසඳුම් ලබා දී අවසන්. ඒ පිළිබඳ අප නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත්තා. අධිකරණ තීන්දුව අනුව වහාම අප ක්‍රියාත්මක වුණා.

එසේම VFS ආයතනයට මෙය ලබාදීම මඟින් සිදු වූ අක්‍රමිකතාව පිළිබඳව වහාම වෝහාරික විගණනයක් ක්‍රියාත්මක කිරීමට අප දැනටමත් කටයුතු කර තිබෙනවා. එම විගණනය හරහා මේ ගනුදෙණුවේ තිබෙන අක්‍රමිකතාව පිළිබඳව සොයා බලා ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්‌ග ගන්නවා

ඒ අනුව ව්‍යාපාරික සහ ආයෝජන ක්ෂේත්‍රයේ සිටින අයටත් දැන් එම පහසුකම ලැබෙනවා”

Releated News

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025
කෙහෙළිය පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම…

Jun 26, 2025
1 Comments Text
  • usasportsurge says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Fantastic site A lot of helpful info here Im sending it to some buddies ans additionally sharing in delicious And naturally thanks on your sweat
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *