Live 24

Saturday
July 27, 2024
loader-image
temperature icon 30°C
scattered clouds
Saturday
July 27, 2024
  • Home
  • Politics
  • ජනාධිපතිට ධූර කාලය වසරකින් දික් කරගන්න බෑ – එස්.එම් මරික්කාර්
Image

ජනාධිපතිට ධූර කාලය වසරකින් දික් කරගන්න බෑ – එස්.එම් මරික්කාර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමට හැකියාව තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරන බවත් කිසිදු ආකාරයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමට නොහැකි බවත් 19 වන සංශෝධනයෙන් එලෙස අවස්ථාවක් නොලැබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.

ඒ වගේම ජනමත විචාරණයක් පවත්වන්න කටයුතු කරන බවටත් ආණ්ඩුව ප්‍රකාශ කරන බවත් ජනමත විචාරණයක් තියන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වන බවත් ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් පාර්ලිමේන්තුවේ නැති බවත් මරික්කාර් මහතා සඳහන් කළේය.

ලබන මාසයේ 16 වැනිදායින් පසුව ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙන බවත් එය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට කිසිදු ආකාරයකින් වෙනස් කිරීමට නොහැකි බවත් අනිවාර්යෙන් ඔක්තොම්බර් මාසයේ 16 ත් සැප්තැම්බර් මාසයේ 16 ත් අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එස්.එම් මරික්කාර් මහතා කීය.

අද (11) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

‘‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය තව වසරකින් දීර්ඝ කර ගැනීමට හැකියාව තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. 77 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකුට වසර 6 ක් ධූර කාලයේ ඉන්න පුලුවන්. නමුත් 2015 යහපාලන ආණ්ඩුව ගෙනාපු 19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් දක්වා අඩු කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධූරයට පත් වනවිට 19 වන සංශෝධනය ගෙනල්ලා තිබ්බේ නෑ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධූරයට පත් වුණේ වසර 6 ක් සඳහා. ඉන්පසු ගෙනාපු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිධූරයේ ඉන්න පුලුවන් වුණේ වසර 5 යි. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පත්වෙන්නෙත් වසර 5 ක කාලයක් සඳහා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත්වුණේ. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉතුරු කාලය සඳහා පමණයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉන්න පුලුවන්. ඒ නිසා කිසිම හේතුවකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වසර 6 ක් ජනාධිපතිධූරයේ කටයුතු කිරිමට නොහැකියි.

ජනමත විචාරණයක් තියන්න යනවා කියලා ආණ්ඩුව පුවත් ප්‍රචාරය කරනවා. ජනමත විචාරණයක් තියන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වෙනවා. ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් පාර්ලිමේන්තුවේ නෑ. ඒ නිසා ලබන මාසයේ 16 වැනිදායින් පසුව ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට කිසිදු ආකාරයකින් වෙනස් කරන්න බෑ. ඒ වගේම ඔක්තොම්බර් මාසයේ 16 ත් සැප්තැම්බර් මාසයේ 16 ත් අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.

ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉල්ලනවාද ? නැද්ද කියන ප්‍රශ්නයට මැදිවෙලා සිටින්නේ. පොදුජන පෙරමුණ සමඟ එකතු වෙලා ඡන්දය ඉල්ලුවොත් සුළු ජාතික ඡන්ද ලැබෙන්නේ නෑ. පොදුජන පෙරමුණ අත්හැරලා අනිත් පක්ෂ සමඟ එකතු වෙලා ඡන්දය ඉල්ලුවොත් සිංහල ඡන්ද ලැබෙන්නේ නෑ. ඡනාධිපතිවරයා ඡන්ද පරදින්න ඉල්ලන පුද්ගලයෙක් නෙවෙයි. 2005 පරාජයෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරඟ කළේ නෑ. 2010 සරත් ෆොන්සේකාව ජනාධිපතිවරණයට ගෙනාවා. 2015 මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපතිවරණයට ගෙනාවා. පස්සේ අගමැතිධූර ලබාගත්තා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවසාන මොහොත දක්වා බලය උපරිම ලෙස භුක්ති විඳිම සඳහා රාජ්‍ය නිලධාරින් ඔහුගේ අණ ක්‍රියාත්මක කරන පසුබිමක් නිර්මාණය කර ගැනිම සඳහා දේශපාලන කුමන්ත්‍රණ සිදුකිරිම තමයි කරන්නේ.

ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉල්ලනවාද නැද්ද කියලා කියන්නෙත් නෑ. ජනාධිපතිවරයා සමඟ එකතු වෙන්න කියලා දේශපාලන පක්ෂ වලට අරාධනා කරනවා නමුත් එකතුවෙන්නේ පක්ෂයකටද පොදු සන්ධානයකට කියලා දැනුම්වත් කිරිමක් සිදුකරන්නේ නෑ. එවැනි වැඩපිළිවෙළක් නොමැති නිසා දේශපාලන පක්ෂ පුද්ගලයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එකතුවෙන්න බයයි. නමුත් පොදුජන පෙරමුණේ සිටින අනාථ වුණ කණ්ඩායම් වලටනම් ජනාධිපතිවරයා සමඟ එකතු වෙන්න සිදුවෙනවා.

ආණ්ඩුවේ තවත් පිරිසක් කියනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් අවස්ථාවක් ලබාදිය යුතුයි කියලා. රට ආර්ථික වශයෙන් නිවැරදි මාවතක ගමන් කරන නිසා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තව අවස්ථාවක් දිය යුතු බවත් ඔවුන් කියනවා. නමුත් රටේ පොලින් නැ වගේම ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගන්න සල්ලිත් නෑ. ඉන්ධන හල්වල තෙල් තිබ්බට තෙල් ගහන්න ජනතාවට සල්ලි නෑ.

රටේ සම්පුර්ණ ණය බර තිබුණේ ඩොලර් බිලියන 83 යි. මේ වනවිට රටේ සමස්ත ණය ප්‍රමාණය
ඩොලර් බිලියන 100 ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඩොලර් මිලියන 17,000 කින් ණය බර වැඩිවෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව ස්වෛරී බැඳුම්කර වල පොලිය ගෙවන්නෙත් නෑ. රටවල් අතර තිබෙන ණය මුදල්වල පොලිය ගෙවන්නෙත් නෑ. ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත් ණය සඳහා සුළු පොලි ප්‍රමාණයක් ගෙවනවා. ලබන වසරේ සිට ස්වෛරී බැඳුම්කර වල පොලිය ගෙවන්න සිදුවුණාම , රටවල් අතර ගත්ත ණයවල පොලිය ගෙවන්න සිදුවුණාම රටේ බදු තවත් වැඩි කරනවා. ඒ වගේම රටේ ආදායම අපනයනයෙන් හෝ සෘජු විදේශ ආයෝජන වලින් වැඩි කරන්න කිසිදු සැලසුමක් රජයට නෑ. තවත් බදු වැඩිකරන්නද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවස්ථාවක් ලබාදෙන්න කියලා කියන්නේ.

ජනතාවට සහන දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරියේදී තවත් ණය ගනී. රට බංකොලොත් වෙලා තිබෙන්නෙත් ණය අරගෙන. ජේ ආර් ජයවර්ධනගේ කාලයේ ඩොලර් බිලියන 4 ක් ණය අරගෙන තිබෙනවා. ආර් ප්‍රේමදාසගේ කාලයේ ‍ඩොලර් බිලියන 1.7 ක් ණය අරගෙන තිබෙනවා. ඩි බී විජේතුංගගේ කාලයේ ඩොලර් බිලියන 1 ක් ණය අරගෙන තිබෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග ඩොලර් බිලියන 3.1 ක ණය අරගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ ඩොලර් බිලියන 31 ක ණය අරගෙන තිබෙනවා. ඒ ණය ගෙවාගන්න බැරුව යහපාලන ආණ්ඩුව අරගෙන තිබෙනවා ඩොලර් බිලියන 11 ක්. ‘‘

වර්තමාන ආණ්ඩුව අය දන්නේ නෑ ඒ නිසා වැය ගැන කියන්න බෑ

‘‘2025 වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් ඉදිරිපත් නොකරන ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. 2025 සඳහා අයවැය ප්‍රකාශ කරන්න ඕන නොවැම්බර් මාසයේ. ඒ අවස්ථාවන වනවිට වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපතිධූරයෙත් නෑ. වර්තමාන මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටියත් ඒ ධූරයේ නෑ. ඒ අවස්ථාව වනවිට රටේ සිටින්නේ අලුත් ජනාධිපතිවරයෙක් රටේ තිබෙන්නේ අලුත් ඇමැති මණ්ඩලයක් සහ අලුත් ආණ්ඩුවක්. ඒ වගේම අලුත් අමාත්‍ය මණ්ඩලයෙන් 2025 සඳහා අයවැයක් ඉදිරිපත් කරනවා. ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සිටින්නේ සිහින ලෝකයක. රටේ පත්වන අලුත් ජනාධිපතිවරයා සහ ඇමැති මණ්ඩලය අලුත් අයවැයක් ඉදිරිපත් කරයි.
අය දැනගන්න ඕන වැය කරන්න. වර්තමාන ආණ්ඩුව අය දන්නේ නෑ ඒ නිසා වැය ගැන කියන්න බෑ. ඒ නිසා විවිධ කතා සමාජ ගත කරන්න ආණ්ඩුව උත්සහ කරනවා.‘‘

දකුණේ ජනතාවට වගේම සම අයිතින් උතුරේ ජනතාවටත් හිමිවිය යුතුයි

‘‘උතුරුට එක නීතියක් , දකුණට එක නීතියක් , නැතිව රටට එක නීතියක් තිබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ඒ වගේම දමිළ ජනතාවට සාධාරණ අවස්ථාවක් ලබාදිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රජා පොලිසිය , පරිසර පොලිසිය ක්‍රියාත්මක කිරිමේ බලය පළාත් සභාවලට දුන්නට ප්‍රශ්නයක් නෑ. ඒවගේම රටේ පළාත් පාසල් තමයි වැඩිපුර තිබෙන්නේ , රෝහල් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ පළත් සභා යටතේ , පළාත් පාලන ආයත බොහොමයක් තිබෙන්නේ පළාත් සභා යටතේ , සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කරපු ප්‍රකාශයෙන් අදහස් වෙන්නේ ඒ දේවල්. නැතුව පොලිස් බලතල සම්පුර්ණයෙන් ලබාදෙනවා කියන කාරණය නෙවෙයි. දකුණේ ජනතාවට වගේම සම අයිතින් උතුරේ ජනතාවටත් හිමිවිය යුතුයි. උතුරේ ජනතාවට රැකියාලබාදීමේ අවස්ථාවන් නිර්මාණය කළ යුතුයි.
උතුරේ ජනතාවට දකුණේ ජනතාවට භුක්ති විදින පහසුකම් විදිමේ අයිතිය තිබෙනවා. ඒ අයිතිය ලබාදිය යුතුයි. ඔවුන්ට පසුගිය ආණ්ඩුවලින් අසාධාරණයක් වෙලා තිබෙනවා. ‘‘

ස්වාධින රූපවාහිනි සේවයට පුලුවන් නම් ආර්ථික කමිටු විවාදය පවත්වන්න

‘‘ජනතා විමුක්ති පෙරමුණ සහ ස්වාධීන රූපවාහිනි සේවය එකතුවෙලා ජනාධිපති ලේකම් කාර්යාලයේ තිරපිටපතකට අනුව ඒක පාර්ශ්වික විවාදයක් සංවිධානයක් කරලා තිබුණා. ජනාධිපති අපෙක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක් තිබෙනවානම් ඒ සඳහා ස්වාධීන නිරික්ෂකයෝ ඉන්න ඕනි. ස්වාධීන නිරික්ෂකයෝ ලෙස නීතිඥ සංගමය සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පත් කරන ලෙස සමගි ජනබලවේගය ප්‍රකාශ කළා. ඒ වගේම ජනාධිපති අපෙක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක් එක් මාධ්‍ය ආයතනයක නෙවෙයි මාධ්‍ය කිහිපයක විකාශනය කළ යුතුයි. ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ලේකම් කාර්යාලයේ තිරපිටපත් වලට කරන විවාද වලට සමගි ජනබලවේගය යන්න සූදානම් නෑ. ස්වාධින රූපවාහිනි සේවයට පුලුවන් නම් ආර්ථික කමිටු විවාදය පවත්වන්න කටයුතු සුදානම් කරන්න. ඒ වගේම ස්වාධින රූපවාහිනි සේවයේ සභාපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශකයෙක්. ස්වාධින රූපවාහිනි සේවයේ පැවැති විවාදය මෙහෙයවන්න දාලා තිබ්බේ මහින්ද රාජපක්ෂලා සමඟ ඉදලා සිරදඩුවම් ලබපු පුද්ගලයෙක්. එවැනි පුද්ගලයන් සමඟ විවාද කරන්න සමගි ජනබලවේගය යන්න සුදානම් නෑ.

Releated News

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. …

Jul 24, 2024
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුවොත් එදින රාත්‍රීයේම පාර්ලිමේන්තුව විසුරුවන්න සූදානමක්

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුව හොත් එදිනම රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී…

Jul 19, 2024
ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් 22 වන සංශෝධනය ගැසට් නොකරන ලෙස අධිකරණ ඇමති අමාත්‍යංශ ලේකම්ට…

ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස…

Jul 19, 2024
ඩයනා සජබෙට දැමූ පෙත්සම ඉල්ලා අස්කර ගනියි

සිය මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ඩයනා ගමගේ ඉදිරිපත් කළ පෙත්සම…

Jul 18, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *