Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • Local
  • ජනපති අපේක්ෂකයින් ප්‍රචාරය වන ස්ටිකර් ඉවත් කෙරේ
Image

ජනපති අපේක්ෂකයින් ප්‍රචාරය වන ස්ටිකර් ඉවත් කෙරේ

ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන පරිදි ස්ටිකර් සහිතව ධාවනය වූ ත්‍රිරෝද රථ 10ක ස්ටිකර් ඉවත් කර තිබේ.

කොල්ලුපිටිය, බම්බලපිටිය ඇතුළු ප්‍රදේශ ආශ්‍රීතව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී එම ත්‍රිරෝද රථ හදුනා ගත් බව පොලීසිය පැවසුවේ ය.

අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් සහිත පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා සෙසු පෞද්ගලික වාහන සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

හැකි සෑම අවස්ථාවකම හදිසි මාර්ග බාධක යොදා එවැනි වාහන හඳුනාගෙන ස්ටිකර් ඉවත් කිරීමට පියවර ගන්නැයි, දැනුම් දී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධන ස්ටිකර් වහා ඉවත් කරන්නැයි, මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේය.

ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

එවැනි කටයුතු 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනතේ 74 වැනි වගන්තිය අනුව වරදක් බව කොමිසම පෙන්වා දෙයි

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *