Live 24

Monday
July 22, 2024
loader-image
temperature icon 25°C
overcast clouds
Monday
July 22, 2024
  • Home
  • Blog
  • කෙන්යානු පාර්ලිමේන්තුවට ගිනි තබයි
Image

කෙන්යානු පාර්ලිමේන්තුවට ගිනි තබයි

කෙන්යාවේ විරෝධතාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට ගිනි තබා තිබේ.

ඒ, ආන්දෝලනාත්මක මූල්‍ය පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාර්ලිමේන්තු සෙංකෝලය ද සොරකම් කර ඇති බවයි.

එරට සෑම ප්‍රදේශයකම විරෝධතා ක්‍රියාත්මක වී ඇති අතර නයිරෝබි අගනගරයේදී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

විරෝධතාකරුවන් අතර හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ සොහොයුරියක වන අවුමා ඔබාමා ද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ පිළිබඳව එරට ජනාධිපති විලියම් රූටෝ ජාතිය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ විරෝධතාකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් වන බවයි.

ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබේ.

විරෝධතා සඳහා හේතු වූ මූල්‍ය පනත් කෙටුම්පතට අනුව අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ කිහිපයක් සඳහා අගය එකතු කිරීමේ බද්දක් එක් කිරීමට නියමිත වූ බව සඳහන්ය.

කෙසේ වෙතත් පසුගිය සතියේ සිට ඊට එරෙහිව පැවති විරෝධතා හේතුවෙන් බදු වැඩි කිරීම් කිහිපයක් පනත් කෙටුම්පතින් ඉවත් කිරීමට එරට රජය තීරණය කර ඇත.

Releated News

ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසුව මැතිවරණ කොමිසමට…

Jul 16, 2024
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීමට නීතිපතිගේ විරෝධය

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින…

Jul 4, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජනතාව…

Jun 25, 2024
Street Burger නවතම ශාඛාව නාවලදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ බර්ගර් කලාවේ අව්‍යාජ රසය කැටිකොටගත් අවන්හල් ජාලයක් වන‘Street Burger’ සිය නවතම ශාඛාව පසුගියදා නාවල ප්‍රදේශයේදී විවෘත…

Jun 16, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *