Live 24

January 23, 2026
☀️Clear sky, 25°C
January 23, 2026
☀️Clear sky, 25°C
  • Home
  • Politics
  • ‘එක්සත් ජාතික පක්ෂය ලේනව කියලා පුද්ගලයෙකු හරහා ජනාධිපතිවරණය කල් දා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා
Image

‘එක්සත් ජාතික පක්ෂය ලේනව කියලා පුද්ගලයෙකු හරහා ජනාධිපතිවරණය කල් දා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා

‘එක්සත් ජාතික පක්ෂය ලේනව කියලා පුද්ගලයෙකු හරහා ජනාධිපතිවරණය කල් දා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තිබෙනවා.

මේ අතර ලේනව කියන පුද්ගලයා සමගි ජනබලවේගය සමඟ සම්බන්ධයි කියලා පෙන්වන්න එක්සත් ජාතික පක්ෂය උත්සහ කරනවා. ලේනව කියන පුද්ගලයා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සංවර්ධන පෙරමුණ කියලා පක්ෂයක ජාතික ලැයිස්තුවේ හිටියා කියලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර කියනවා. සංවර්ධන පෙරමුණ කියන පක්ෂය රොහාන් පල්ලෙවත්ත මහත්තයාගේ පක්ෂය කියලත් එක්සත් ජාතික පක්ෂය කියනවා. රොහාන් පල්ලෙවත්ත මහත්තයා ඉන්නේ සමගි ජනබලවේගයේ නිසා ජනාධිපතිවරණය කල් දා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරලා තිබෙන්නේ සමගි ජනබලවේගය කියලා කියන්න පාලිත රංගේ බණ්ඩාර උත්සහ කරනවා.

රොහාන් පල්ලෙවත්ත මහත්තයා 2019 ජනාධිපතිධුර අපෙක්ෂකයෙක්. රොහාන් පල්ලෙවත්ත මහත්තයා 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ සමගි ජනබලවේගය සමඟ එකතු වුණා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ලේනව කියන පුද්ගලයා ජාතික ලැයිස්තුවේ හිටියා කියලා හෝ රොහාන් පල්ලෙවත්ත මහත්තයා සමගි ජනබලවේගය සමඟ හිටියා කියලා සම්බන්ධයක් නිර්මාණය කරන්න හැකියාවක් නෑ. රොහාන් පල්ලෙවත්ත මහත්තයා පක්ෂය සමඟ නෙවෙයි සමගි ජනබලවේගයට එකතු වුණා. ඔහු සමගි ජනබලවේගය සමඟ එකතුවුණේ තනිවම.

2020 එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ සුදත් චන්ද්‍රසේකර මහත්තයා ඉන්නවා. නමුත් සුදත් චන්ද්‍රසේකර මහත්තයා 2019 මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්තයාට තමයි සහයෝගය ලබාදුන්නේ. 2019 ජනාධිපතිවරණයේ මෙහෙයුම් ප්‍රධානියෙක් ලෙස සුදත් චන්ද්‍රසේකර මහත්තයා කටයුතු කළා. එහෙමනම් සමගි ජනබලවේගයටත් කියන්න පුලුවනේ සුදත් චන්ද්‍රසේකර මහත්තයා සමගි ජනබලවේගයේ කෙනෙක් ජාතික ලැයිස්තුවේ හිටියා කියලා. සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ලැයිස්තුවේ හිටපු හරින් ප්‍රනාන්දුත් දැන් එක්සත් ජාතික පක්ෂයෙ ඉන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය දිනා ගන්න නොහැකිව සිටින අවස්ථාවක විවිධ දේශපාලන උප්පරවැට්ටි යොදමින් නියත ජයග්‍රහනය ලබන සමගි ජනබලවේගයට මඩ ගහන්න උත්සහ කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට ජනාධිපතිවරණය ජයග්‍රහනට කිරිමට නොහැකි බව දන්න නිසා ඔවුන් ජය සමරන්න උත්සහ කරන්නේ සමගි ජනබලවේගය පරාජය කරලා.ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසගේ දේශපාලනය දැන් අවසන්. ජනාධිපතිවරයාගේ වැල් පාලම තව මාස 3 කින් කඩාගෙන වැටෙනවා. ජනාධිපතිගේ වැල් පාලමේ අවසාන ජවනිකා ටික තමයි දැන් ප්‍රදර්ශනය කරමින් සිටින්නේ.

දේශපාලන උප්පරවැට්ටි යොදන්නේ නැතිව මැතිවරණයට සුදානම් වෙන්න කියලා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටිනවා. අවම සියයට 10 ක ඡන්ද ප්‍රතිශතයක්වත් ගන්න කටයුතු කරන්න.

ඒ නිසා නියත ජයග්‍රහනය ලබන පක්ෂය ලෙස සමගි ජනබලවේගයට මඩ ගහන්න එපා කියලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරට මතත් කරලා දෙන්න කැමැතියි.‘‘

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *