Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • Politics
  • ඉන්දීය විදේශ කටයුතු ඇමති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.
Image

ඉන්දීය විදේශ කටයුතු ඇමති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජය ශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදු විය.

ළඟම අසල්වැසියා වන ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ආධාර, උපකාර සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් සියවස් ගණනාවක් පුරා දෙරට අතර තිබූ ඒ මිත්‍රශීලීත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වා ගත යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ ද ඉන්දියාව සමඟ ඇති ඒ අන්තර් සම්බන්ධතාව නොවෙනස්ව පවත්වාගෙන යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පැවසීය.

ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සඳහා මෙන් ම සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දීය රජයෙන් ඒ ලැබුණු දායකත්වය කිසිදා අමතක නොකරන බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. ඉන්දීය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඉන්දියාවේ මෙන් සුහුරු අධ්‍යාපනයක් හා නව ලොවට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ ද නිර්මාණය කිරීම තම අරමුණ බවයි.

එසේම නැවත වරක් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ නරේන්ද්‍ර මොදි මහතාට සිය සුභාසිංශන පිරිනමන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ සිට දෙරට අතර ද්වීපාර්ශ්වීය සම්බන්ධතා ඇති කර ගැනීමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතිශය සතුටට පත්වන බවත් ඉදිරියටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට ඔහු සූදානමින් සිටින බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොවෙනස් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවකට සහ මේ මිතුදම තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් මෙහි දී අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජය ශංකර් මහතා පැවසීය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් මහාචාර්ය ජී. ඇල්. පීරිස්, එරාන් වික්‍රමරත්න, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නිරෝෂන් පෙරේරා, වී රාධාක්‍රිෂ්ණන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්විය.

Releated News

දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට පැතිර යන කතාවට සජිත් ප්‍රේමදාසගෙ​න් පිලිතුරු

සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට පැතිර යන කතා අමූලික පට්ටපල් බොරු බව සමගි ජන බලවේග නායක විපක්ෂ…

Mar 25, 2025
ජාතික ජන බලවේගයෙන් දේශබන්දුට එරෙහිව විශ්වාසභංගයක්

බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ.…

Mar 25, 2025
ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි!

මෙරට ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවකදී රජයේ ආයතනවලට දත්ත හෝ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන තෙක්, ස්ටාර්ලින්ක්…

Mar 25, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *