Live 24

March 4, 2026
☀️Clear sky, 27°C
March 4, 2026
☀️Clear sky, 27°C
  • Home
  • Politics
  • ඉන්දීය විදේශ කටයුතු ඇමති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.
Image

ඉන්දීය විදේශ කටයුතු ඇමති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජය ශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදු විය.

ළඟම අසල්වැසියා වන ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ආධාර, උපකාර සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් සියවස් ගණනාවක් පුරා දෙරට අතර තිබූ ඒ මිත්‍රශීලීත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වා ගත යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ ද ඉන්දියාව සමඟ ඇති ඒ අන්තර් සම්බන්ධතාව නොවෙනස්ව පවත්වාගෙන යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පැවසීය.

ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සඳහා මෙන් ම සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දීය රජයෙන් ඒ ලැබුණු දායකත්වය කිසිදා අමතක නොකරන බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. ඉන්දීය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඉන්දියාවේ මෙන් සුහුරු අධ්‍යාපනයක් හා නව ලොවට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ ද නිර්මාණය කිරීම තම අරමුණ බවයි.

එසේම නැවත වරක් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ නරේන්ද්‍ර මොදි මහතාට සිය සුභාසිංශන පිරිනමන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ සිට දෙරට අතර ද්වීපාර්ශ්වීය සම්බන්ධතා ඇති කර ගැනීමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතිශය සතුටට පත්වන බවත් ඉදිරියටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට ඔහු සූදානමින් සිටින බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොවෙනස් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවකට සහ මේ මිතුදම තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් මෙහි දී අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජය ශංකර් මහතා පැවසීය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් මහාචාර්ය ජී. ඇල්. පීරිස්, එරාන් වික්‍රමරත්න, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නිරෝෂන් පෙරේරා, වී රාධාක්‍රිෂ්ණන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්විය.

Releated News

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් මෙරටට..

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් අද දිනයේ මෙරටට ළඟා වන බව ලිටෝ සමාගම පවසයි. එහි සභාපති…

Feb 25, 2026
ඇවන්ගාඩ් සමාගමේ පෙත්සම් ඉවතට

ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින්…

Feb 25, 2026
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
ඩඩ්ලිගේ කාර් එකට රුපියල් බිලියනයක බාල්දියක්

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෑතකදී ආනයනය කරන ලද මෝටර් රථය Rolls Royce Phantom Auto මෝටර්…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *