Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • Politics
  • ආර්ථික කමිටුවක් හා වැඩපිළිවෙළක් නොමැති රතු අලි පැටව් ජනාධිපති අස්සේ හැංගිලා නාඩගම් නටනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Image

ආර්ථික කමිටුවක් හා වැඩපිළිවෙළක් නොමැති රතු අලි පැටව් ජනාධිපති අස්සේ හැංගිලා නාඩගම් නටනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද රතු පාට විප්ලවවාදීන් රතු අලි මල්ලිලා බවට පත්ව ඇති බවත් මේ රතු අලි මල්ලිලා ජනාධිපති එක්ක ඩීල් දමා රජ⁣යේ නාලිකාවට විවාදයට එන්න කියනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික කමිටු විවාදයට සමගි ජන බලවේගය ආරාධනා කළ විට ආර්ථික කමිටුවක් නොමැති ජනතා විමුක්ති පෙරමුණ ඉන් පළ ගොස් නායකත්ව විවාදයක් ගැන කයිවාරු ගහමින් යන බවත් ආර්ථික කණ්ඩයමේ විවාදය හා නායකයන්ගේ විවාද දෙකටම එකවර දින දෙකක් යොදා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රට බංකොලොත් වී ඇති මොහොතක රට ගොඩගත හැක්කේ කාටද කියා දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් රට බංකොලොත් වී රටට ඩොලර් නැති වී ඇති මේ මොහොතේ කයිවාරු ගහන රතු අලි පැටවුන්ට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් පවා නොමැති බවත් එමනිසා ඔවුන් එම විවාදයට එන්නේ නැති වුවත් විවාද දෙකටම තමා සූදානම් බවත් ආර්ථික විවාදයෙන් පසු නායකත්ව විවාදයක සිදුකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හලාවත පැවැති දියඹ දිනන ජන රැල්ල – සමඟි ධිවර බලවේගයේ සමුළුව අමතමිනි.*

විවාද ගැන කියද්දි රතු අලි පැටවුන්ගේ නායකයා තමන්ගේ නායකයා වන ජනාධිපතිවරයා ළගට ගොස් ඇවිටිලි කර පසුගිය දා රාජ්‍ය නාලිකාවක නාඩගම් නැටු බවත් ඔවුන්ට ආර්ථික කණ්ඩායමක් නොමැති වීම ඔවුන්ගේ වරදක් බවත් ඔවුන්ට වැඩ බැරි වුනාට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට සුවිශාල වැඩ කොටසක් ඉටු කර ඇති බවත් එම නිසා තරගයට වැඩ කරන්න ඔනෑම අවස්ථාවක තමා සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*රට වටේම මුහුද වුනාට අපි ඉන් ප්‍රයෝජන ගන්නේ නැහැ*

රට වටේටම මුහුද ඇති අපට වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක අයිතිය තිබුනත් ධීවර ක්ෂේත්‍රයෙන් දළ දේශීය නිෂ්පාදනය දායකත්වය ලැබෙන්නේ 1.1%ක් බවත් මෙය වෙනස් විය යුතු බවත් කරදිය මෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය නව තාක්ෂණය තුළින් සවිබල ගැන්වූ ධීවර කර්මාන්තයක් බවට පත් කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*ධීවරයන්ට සහනාධාරය දෙනවා*

භූමිතෙල් සහනාධාරය, ආම්පන්න හා නිෂ්පාදන සඳහා බදු සහන ලබා දීම, අවශ්‍ය උපකරණ නිෂ්පාදන කරන ආයතන බිහි කිරීම මෙන්ම එවාට රාජ්‍ය අනුගහනය ලබා දීම, ධීවර පවුල්වල කාන්තාවන් සවිබල ගන්වා සමස්ත ධීවරයන් සවිබල ගන්වන නව ජාතික ධීවර ප්‍රතිපත්තිය ඉදිරිපත් කරනා බවත් ඒ තුළ දූපත් දේශයක් ලෙස රට වටේම ඇති සයුරු සම්පත හා එහි මත්ස්‍ය සම්පත තිරසර සංවර්ධනයකට ලක් කරනා බවත් මේ රටේ ධීවර කර්මාන්තයේ නව පුනර්ජීවනයක් ඇති කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*සුහුරු අධ්‍යාපනය සේම සුහුරු ධීවරයෙක් බිහි කරනවා*

මුහුදු ඛාදනය, නිවාස ගැටලුව, ධීවර පවුල්වල ගැටලු ඇති මොහොතක ධීවර විශ්‍රාම වැටුපක ඉල්ලුමක් ඇති මොහොතක මේ ඉල්ලුමට සවන් දී ධීවර ප්‍රජාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට කටයුතු කරනා බවත් සුහුරු අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනවා සේ ධීවර රැකියාවත් සුහුරු තාක්ෂණය අනුගත කරනා බවත් ලෝකයේ ධීවර කර්මාන්තය පවා සුහුරු වන මොහොතක අපට පැරණි ක්‍රමවේද යොදාගත නොහැකි නිසා නව තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *