Live 24

Sunday
May 18, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
May 18, 2025
  • Home
  • Local
  • අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට
Image

අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා.

මීට අමතරව ඒ මහතාගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2014 වසරේදී අගබාගයේ බිංගිරිය නාරම්මල ප්‍රෙද්ශවල ගංවතුරෙන් අවතැන් වු පුද්ගලයින්ට සහන සැලසිමේ මුවාවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් රුපියල් මිලියන 6.1ක මුදලක් ලබා ගෙන එම මුදල 2015 වසරේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඒ අනුව නීතිපතිගේ උපදෙස් මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර හෙට (23) දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *