Live 24

Tuesday
February 4, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
February 4, 2025
  • Home
  • News
  • සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උසස් පෙළ විභාගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථමයා වන්නට වාසනාව හිමිවූ තිළිණ ධනංජය
Image

සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උසස් පෙළ විභාගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථමයා වන්නට වාසනාව හිමිවූ තිළිණ ධනංජය

සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත් වීම නිසා අනාගතය අඳුරු වන්නට ගොස් තවත් පාසලකින් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන මෙවර උසස් පෙළ විභාගයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථමයා වන්නට වාසනාව හිමිවූ තිළිණ ධනංජය ගැනයි මේ පුවත.

මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය තුළ සිසුවෙකුට හෝ සිසුවියකට උසස් පෙළ අධ්‍යාපනයේ විෂය ධාරාව තෝරාගැනීමට සිදුවන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් විෂයන් අනිවාර්යයෙන් සමත් වුවහොත් පමණි.

ඒ, රීතිය හමුවේ, ප්‍රතික්ෂේප වීම් මත අනාගතය වෙනස් වන්නට ගොස්, ලැබුණු එක් අවස්ථාවක් නිසා ජීවිතය එළිය කරගත් සිසුවෙකි ඩී. එම්. තිළිණ ධනංජය.

මේ සිසුවා මොනරාගල යුදගනාව විද්‍යාලයෙන් අධ්‍යාපන හදාරා 2020 දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබුණි.

කෙසේවෙතත්, එහි ප්‍රතිඵල මත උසස් පෙළ අධ්‍යාපනය සඳහා ඔහුට බොහෝ පාසල්වලින් දොර විවර නොවීය.

ඒ අනුව බුත්තල, පැල්වත්ත මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. එම්. නන්දසේන මහතා ලබා දෙන අවස්ථාවෙන්, තමන් ප්‍රිය කරන ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව ඔස්සේ උසස් පෙළ හදාරන්නට තිළිණට වරම් හිමිවුණි.

බොහෝ දුෂ්කරතා මැද උනන්දුවෙන් අධ්‍යාපනය හදාරන තිළිණ පසුගියදා නිකුත් වූ 2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජෛව තාක්ෂණ පද්ධති විෂය ධාරාවේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට සමත් වුණි.

Releated News

තායිලන්ත තානාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් Sri Lanka Association in Thailand වෙබ් පිටුව එළි දැක්විණි

ශ්‍රී ලංකා තායිලන්ත තානාපතිනිය වන ගරු විජයන්ති එදිරිසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 2025/02/01 වන දින Sri Lanka Association…

Feb 3, 2025
Breaking: වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනම්

පසුගිය මහමැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ…

Jan 30, 2025
පාස්පෝට් අර්බුදයේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දී…

Jan 29, 2025
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් ට්විට් එකක්

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවිඩයක්…

Jan 29, 2025
එකඟෙයි හවුලේ තවත් සාකච්ඡාවක් සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල වේගය අතර තුන්වන වටයේ සාකච්ඡා ඊයේ (28) පවත්වා තිබෙනවා. මූලික යෝජනා…

Jan 29, 2025
TRC අනුමැතිය නැති ජංගම දුරකථන අවහිර කරන්න ස්වයංක්‍රීය පද්ධතියක්

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි…

Jan 29, 2025
සජබ – එජාප තවත් සාකච්ඡාවක් අද රාත්‍රියේදී

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.…

Jan 28, 2025
ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනපති කියයි

වත්මන්  ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව…

Jan 28, 2025
සරත් ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවයි

කොළඹ යුද හමුදා මූලස්ථානය තුළදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ…

Jan 28, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *