Live 24

Friday
May 9, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Friday
May 9, 2025
Image

විදේශ කාර්යාංශයෙන් දැනුම්දීමක්

ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ වසරේ ( 2025) ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව අද (28) ඊශ්‍රායලය බලා යාමට නියමිත 152 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයින් 34 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ කාර්යාංශයේදී සිදුවූ අතර, ඊට කාන්තාවන් 29 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු අයත් වනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා (PIBA) ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 2009 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *