Live 24

Tuesday
June 17, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
June 17, 2025
  • Home
  • Sinhala
  • රනිල්ගේ මිනිස්සු මෙතන ඉන්නකල් පාස්පෝර්ට් අර්බුදය විසදන්න බෑ.” ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය
Image

රනිල්ගේ මිනිස්සු මෙතන ඉන්නකල් පාස්පෝර්ට් අර්බුදය විසදන්න බෑ.” ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය

රනිල්ගේ මිනිස්සු මෙතන ඉන්නකල් පාස්පෝර්ට් අර්බුදය විසදන්න බෑ.” ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය. 

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් දේශපාලන හිතවත්කම මත ආගමන විගමන දෙපාර්තමේන්තුවට පත් කරන ලද ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම වත්මන් පාස්පෝර්ට් අර්බුදයට ප්‍රධානම හේතු-ව යැයි, ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය පවසයි. 

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මෙම චෝදනාව ඉදිරිපත් කර තිබේ. 

චෝදනා එල්ල වී තිබෙන ජ්‍යේෂ්ඨ නිළධාරීන්, වත්මන් විෂය භාර අමාත්‍යවරයා වන විජිත හේරත්ට පාස්පෝර්ට් අර්බුදයේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු වසං කරන බවට එම සංගමය චෝදනා කරයි. 

පාස්පෝර්ට් සදහා ඇතිවිය හැකි ඉල්ලුම සම්බන්ධයෙන් නිවැරදි පුරෝකථනයකට යාමට එම ආයතනය සදහා පත් කළ චෝදනා ලත් මෙම නිළධාරීන් අසමත් ව ඇති බව ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය එල්ල කරන එක් ප්‍රධාන චෝදනාවකි. 

එමෙන්ම පාස්පෝර්ට් මුද්රණය සදහා ටෙන්ඩරය ලබා දුන් සමාගමේ ශක්‍යතාවය පිළිබදව නිවැරදි තක්සේරුවක් බළධාරීන්ට නොතිබුණු බව පෙනී යන්නේ යැයි ඔවුන් නිකුත් කර තිබෙන නිවේදනයෙන් සංගමය පවසයි. 

Releated News

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය…

Jun 16, 2025
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන…

Jun 14, 2025
සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බැරුව නලින්ද නැවත නැවත වැඩ තහනම් ලිපියක් එළියට දමමින් තර්ජනය…

*වැඩ තහනම් කරලා කටවල් වැසීම පරණ ක්‍රමයක්. මේ වැඩ තහනම් කරපු ලිපිය නිකුත් කරලා තියෙන විදිහ වැරදියි. මෙය…

Jun 9, 2025
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

Jun 9, 2025
1 Comments Text
  • hdhub4uin says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Wow wonderful blog layout How long have you been blogging for you make blogging look easy The overall look of your site is great as well as the content
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *