Live 24

Tuesday
October 22, 2024
loader-image
temperature icon 28°C
moderate rain
Tuesday
October 22, 2024
  • Home
  • Politics
  • රටක් බංකොලොත් ද නැද්ද කියලා තිරණය කරන්න ජනාධිපතිවරයාට බෑ‘‘ – නීතිඥ අජිත් පී පෙරේරා
Image

රටක් බංකොලොත් ද නැද්ද කියලා තිරණය කරන්න ජනාධිපතිවරයාට බෑ‘‘ – නීතිඥ අජිත් පී පෙරේරා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මුදාගත් බවට පාර්ලිමේන්තුවේදී සිදුකිරිමට නියමිත විශේෂ ප්‍රකාශය ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ප්‍රකාශයක් පමණක් බවත් එය ජනාධිපතිවරණයේ සටන් පාඨයක් බවට පත් කරගන්න ජනාධිපතිවරයා උත්සහ කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

එමෙන්ම නීතිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කළ බවත් නමුත් එම යෝජනාව නැවතවරක් ව්‍යස්ථාදායක සභාවට ඉදිරිපත් කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරන බව දැනගන්න තිබෙන බවත් නීතිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරිමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය නීතිපතිවරයා ප්‍රතික්ෂේප කළ යුතු බවත් එමෙන්ම නියමිත දිනයට විශ්‍රාම යාමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බවත් නීතිපතිවරයා නීතිපති තනතුරේ සම්ප්‍රදාය කඩමින් විධායකයේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයක් බවත් නීතිඥ අජිත් පී පෙරේරා මහතා කීය.

එමෙන්ම සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජනබලවේගයට සහ සමගි ජනබලවේගයේ නායකයාට ද්‍රෝහි වුණ බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ගුණ අගුණ කියන්න උසාවි නියෝගයක් මත තනතුරේ රැදි සිටින සරත් ෆොන්සේකා මහතා සුදුසු පුද්ගලයෙක් නොවන බවත් වැඩිදුරටත් අදහස් දැක්වමින් අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

‘‘ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න තිබෙන අවසාන ස්ථානය වන්නේ අධිකරණය. අධිකරණයේ ස්වාධීනත්වය , අධිකරණයේ කාර්යක්ෂමතාවය පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට ඉතාමත් වැදගත්. ඒ වගේම විධායකය , ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සංවරණ සහ තුළණ වලින් බැඳි සිටිනවා. විශ්‍රාම යාමට නියමිත නීතිපතිවරයාව ජනාධිපතිවරයාගේ පෞද්ගලික අභිලාශය මත නීතිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කරන්න උත්සහ කරනවා. රටේ කිසිදු අයෙක් විශ්‍රාම යාමට නියමිත නීතිපතිවරයාගේ කාලය දීර්ඝ කරන්න කියලා ඉල්ලීමක් කරලා නෑ. විශ්‍රාම යාමෙන් පසුත් නීතිපතිධූරයේ රැඳි සිටින්න නීතිපතිවරයාට නීතිමය සහ ප්‍රායෝගික අවශ්‍යතාවයක් නෑ. වර්තමාන නීතිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු එම ධුරයට පත්වීමට සුදුසු , පලපුරුද්දක් තිබෙන , දක්ෂ නීතිඥවරු ලංකාවේ සිටිනවා. රජයේ නීතිඥවරුන්ගේ උසස්වීම තමයි නීතිපතිධූරය. නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නීතිඥවරයා තමයි නීතිපතිලෙස පත් කරන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ තිබෙන ප්‍රතිපාදනවලින් ඔබ්බට ගොස් වර්තමාන නීතිපතිවරයාගේ ධූර කාලය තවත් මාස 6 කින් දීර්ඝ කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කළා. මෙය ඉතාම බරපතල කාරණයක්. ජනාධිපතිවරණයට මාස කිහිපයක් තිබියදී මැතිවරණ පෙත්සම් , ජනාධිපතිවරණ පෙත්සම් , පක්ෂවල නීතිමය ගැටලු පිළිබඳව රටේ නීතිපතිවරයාට තිබෙන වගකීම ඉතාම ඉහළයි. අධිකරණය සමඟ කටයුතු කිරිමේදී රජයේ ස්ථාවරය නිවැරදිව ඉදිරිපත් කිරිම පිළිබඳව නීතිපතිවරයාට තිබෙන වගකීම ඉතාමත් වැදගත්. එසේ තිබියදී වර්තමාන නීතිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කළා. බහුතර සමාජික සංඛ්‍යාවක් එය ප්‍රතික්ෂේප කළා. එසේ තිබියදී වර්තමාන නීතිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරිමේ යෝජනාව නැවතවරක් ව්‍යස්ථාදායක සභාවට ඉදිරිපත් කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරන බව දැනගන්න ලැබිලා තිබෙනවා. එය දැනට නීතිපති දෙපාර්තමේන්තුවේ තනතුරු දරන , දක්ෂ නීතිඥවරුන්ට සිදුකළ බරපතල අපහාසයක්. එය මෙරටේ අධිකරණයට සෘජුව බලපාන කාරණයක්.

රටේ යුක්තිය පසදලීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට , රජයට තිබෙන වගකිමට විධායකය අයුතු ලෙස ඇඟිලි ගැසීම විශාල අවදානමක් තිබෙනවා. රටේ පුරවැසියන්ට නීත්‍යානුකූලව ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් පත් කරගැනිමට තිබෙන මැතිවරණක් අභියස තිබියදී රටේ නීතිපතිවරයා ලෙස ජනාධිපතිවරයාට හිතැති පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරිම වැරදි කටයුත්තක්. අධිකරණයේ ස්වාධිනත්වයට සහ යුක්තිය පසදලීමට රජය ස්වාධිනව කටයුතු කළ යුතුයි කියන කාරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අභිමානයටත් මෙම කටයුත්තෙන් සිදුවන්නේ විශාල අවමානයක්.

ජනාධිපතිවරයා අධිකරණය කෙරෙහි , නීතිපති දෙපාර්තමේන්තුව කෙරෙහි සිටින්නේ වෛරයෙන්. රටේ යුක්තිය පසිදලිමේ ක්‍රියාවලිය තමන්ට පාලනය කිරිම සඳහා තමයි මේ විදිහේ අයුතු වැඩක් ජනාධිපතිවරයා සිදුකරන්නේ. නීතිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරිමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය නීතිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ අනුව නියමිත දිනයට විශ්‍රාම යාමට නීතිපතිවරයා කටයුතු කළ යුතුයි. නීතිපතිවරයා නීතිපති තනතුරේ සම්ප්‍රදාය කඩමින් විධායකයේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කිරිම ඉතාම කණගාටුදායක තත්ත්වයක්. ජනාධිපතිවරයා අධිකරණය කෙරෙහි නීතිපති දෙපාර්තමේන්තුව කෙරෙහි කරන අයුතු මැදිහත්වීම හෙළා දකිනවා. ‘‘

රටක් බංකොලොත් ද නැද්ද යන්න තිරණය කරන්නේ දේශපාලඥයින් නෙවෙයි

‘‘වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපතිධූරය සඳහා තරඟ කිරිමට සුදානම් වන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. රට බංකොලොත් භාවයෙන් මුදා ගත්ත නායකයා තමන් බව පෙන්වන්න ජනාධිපතිවරයා උත්සහ කරමින් සිටිනවා. රට බංකොලොත් යැයි ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ශ්‍රේණි ගතකිරිමේ ආයතනය. රටක් බංකොලොත් ද නැද්ද යන්න තිරණය කරන්නේ ඒ රටේ ඉන්න දේශපාලඥයින් නෙවෙයි. ජාත්‍යන්තර ශ්‍රේණි ගතකිරිමේ ආයතනය කියනවානම් ශ්‍රි ලංකාව බංකොලොත් භාවයෙන් මිදිලා කියලා එය පිළිගන්න පුලුවන්.

මේ අතර ජනාධිපතිවරයා රට බංකොලොත් භාවයෙන් මුදාගත්තා කියලා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන්න සුදානම් වෙනවා. ජනාධිපතිවරයා එසේ සිදුකරන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන. එය ජනාධිපතිවරණයේ සටන් පාඨයක් කරගන්න ජනාධිපතිවරයා උත්සහ කරනවා. බංකොලොත් භාවයෙන් මිදිමට අවශ්‍ය කරන කිසිදු දෙයක් සම්පුර්ණ කරන්නේ නැතිව හුදු ස්වයං ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුකරලා තමන්ගේ ගෝලයන් හරහා තැන් තැන්වල කතා පවත්වලා රටේ ජනතාව රවට්ටන්න ජනාධිපතිවරයා උත්සහ කරනවානම් එය වැරදි කටයුත්තක්.

ඒ වගේම ජාත්‍යන්තර බැදුම්කර පිළිබඳව එකතඟාවයක් ඇති කරගන්න තවම නොහැකි වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවට ණය දුන්න පෞද්ගලික ජාත්‍යන්තර ආයතන බරපතල කොන්දේසි ඉදිරිපත් කරලා තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන තමා සියලු දේ පිළිබඳව එකඟතාවයකට පැමිණි බව ප්‍රකාශ කරන්න රටට අහිතකර ජාවාරම්කරුවන්ට හිතකර තමන්ගේ ජාත්‍යන්තර සහ දේශීය මිත්‍රයන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කරන රටට එරෙහි කොන්දේසි සහිතව කඩිමුඩියේ ගිවිසුම්වලට එකඟතාවලට එළඹෙන්න උත්සහ කරන බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. රට විධිමත් ආකාරයට බංකොලොත්භාවයෙන් ගොඩ එනවා මිසක් මැතිවරණ අවශ්‍යතා උදෙසා රට බංකොලොත්භාවයෙන් ගොඩ එන බව කියමින් විවිධ උප්පරවැට්ටි යොදමින් ලංකාවට ණය දිපු බැඳුම්කර හිමියන් සමඟ රටට අහිතකර ගිවිසුම් වලට එළඹුනොත් එය රට තවත් බංකොලොත්වෙන්න හේතුවක් වෙනවා. ‘‘

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාව පිළිබඳව කණගාටුවට පත්වෙනවා

‘‘එමෙන්ම සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජනබලවේගයට සහ සමගි ජනබලවේගයේ නායකයාට ද්‍රෝහි වුණා. සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ , මෛත්‍රීපාල සිරිසේන , රනිල් වික්‍රමසිංහ , සමඟ වැඩ කරලා ඔවුන්ටත් ද්‍රෝහි වුණ පුද්ගලයෙක්. පෞද්ගලික අරමුණ හේතුව නිසා තමයි සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මෙලෙස කටයුතු කරන්නේ. සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පක්ෂයට නඩු දානවා , පක්ෂයේ නායකත්වයට දෝෂාරෝපනය කරනවා , පක්ෂයේ කණ්ඩායම සමඟ එකමුතුව කටයුතු කළේ නෑ. ඒ නිසා සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාව පිළිබඳව කණගාටුවට පත්වෙනවා. සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා යුද්ධය නිසා ලබපු ගෞරවය එතුමා විසින්ම අහිමිකරගෙන තිබෙනවා. සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කෙරෙහි යම්කිසි ගෞරවයක් තිබුණානම් එයත් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී නැති කරගත්තා. සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා දේශපාලනිකව වලංගු පුද්ගලයෙක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ගුණ අගුණ කියන්න උසාවි නියෝගයක් මත තනතුරේ රැදි සිටින සරත් ෆොන්සේකා සුදුසු කෙනෙක් නෙවෙයි.‘‘

රට බංකොලොත් වෙලා තිබෙන මොහොතක රටට අහිතකර කොන්දේසි වලට එළඹිය යුතු නෑ

‘‘රටේ තිබෙන ආර්ථික අර්බුදය විසදාගැනීමට ජාත්‍යන්තර ණය දෙන්නන් සමඟ ඇති කරගෙන තිබෙන බැදුම්කර පිළිබඳව අපි සාකච්ඡා කරනවා. වර්තමාන රජයත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටිනවා. සාකච්ඡා කරන්නේ ජාත්‍යන්තර ණය දෙන්නන් සමඟ ඇති කරගෙන තිබෙන කොන්දේසි වෙනස් කරන්න. නමුත් සිද්ධ වන්නේ රටට අහිතකර කොන්දේසි මත මේ ගනුදෙනුව හමාර කරන්නයි රජය කටයුතු කරන්නේ. රට බංකොලොත් වෙලා තිබෙන මොහොතක රටට අහිතකර කොන්දේසි වලට එළඹිය යුතු නෑ. මේ කොන්දේසි ගැන නැවත සාකච්ඡා කළ යුතුව තිබෙනවා. එහිදී බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාවට හිතකර කොන්දේසි සමග තමයි සාකච්ඡා අවසන් කළ යුත්තේ. නමුත් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජාත්‍යන්තර බැදුම්කර හිමියන් සමඟ රටට අහිතකර කොන්දේසි වලට යටත් වීම තුළ දුෂණයට ඉඩ තිබෙනවා. බැදුම්කර හිමියන්ගේ යෝජනා වලට එකගවුනොත් ඔවුන්ට මුල්‍යමය වාසියක් ඇතිවෙනවා. ඒ වගේම බැදුම්කර හිමියන්ගේ යෝජනාවලට එකඟවන නිලධාරින්ට සහ දේශපාලඥයින්ට ඒ හරහා තුටු පඩුරු ලැබෙන්න පුලුවන්. රටට හිතකර කොන්දේසි මත පමණක් එකඟවිය යුතුයි. ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන කොන්දේසි වලට එකගවන්නේ නම් එය රටට හිතකර දෙයක් නෙවෙයි.‘‘

සමීක්ෂණ අනුව මුලින්ම ඉන්නේ සජිත් ප්‍රේමදාස

‘‘රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවානම් එයට සමගි ජනබලවේගය සුදානම්. ඒ නිසා ජනාධිපතිවරණය ආවත් පාර්ලිමේන්තු මැතිවරණය ආවත් අපි මැතිවරණ දෙකටම ලැස්තියි. රටේ සිදුකරලා තිබෙන සමීක්ෂණ අනුව මුලින්ම ඉන්නේ සජිත් ප්‍රේමදාස , දෙවැනි තැන ඉන්නේ අනුර දිසානාකය , හතර වැනි තැන තමයි රනිල් වික්‍රමසිංහ ඉන්නේ. ඒක තාම වෙනස් වෙලා නෑ. පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දෙන්නේ නෑ. පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ධම්මික පෙරේරාව ඉදිරිපත් කරනවා. තුන්වැනි ස්ථානයට තරගය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ ධම්මික පෙරේරා අතර. පළමු ස්ථානයේ කිසිදු වෙනසක් වෙන්නේ නෑ. පළමු ස්ථානය අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතා. දෙවැනි ස්ථානය අනුර දිසානායක. රට පුරා මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන්න පුලුවන්. සිංහල , දෙමළ , මුස්ලිම් ,ක්‍රිස්තියානි සියලුම ආගම්වල ජනතාවගේ සහාය තිබෙනව , සියලුම ජනතාවගේ අනුමැතිය තිබෙන , දුෂණයෙන් තොර නායකත්වයක් තිබෙන එකම දේශපාලන පක්ෂය සමගි ජනබලවේගය පමණයි. ඒ වගේම පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් පවා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා එක්ක.‘‘

නැවත වරක් රටේ ප්‍රභූ පවුල් වලට බලය දිය යුතු නෑ.

‘‘රණසිංහ ප්‍රේමදාස මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා රටේ සාමාන්‍ය පවුල් වලින් මතුවුණ මිනිස්සු. මැද කොළඹ පුංචි මිනිස්සු අතරින් බිහිවෙලා දුෂ්කරතා ඇතිව ඉගෙනගෙන අමාරුවෙන් රට පාලනය කළ රටේ දුප්පත් ජනතාව ගැන හිතපු නායකයා තමයි රණසිංහ ප්‍රේමදාස මහතා. නැවත වරක් රටේ ප්‍රභූ පවුල් වලට හාමුලාට රටේ බලය දිය යුතු නෑ. රටේ සාමාන්‍ය ජනතාව අතරින් පැමිණි කෙනෙකුට බලය ලබා දිය යුතුයි. රණසිංහ ප්‍රේමදාස ඔහුගේ පුතා වුණ සජිත් ප්‍රේමදාසව කවදාවත් දේශපාලනයට අරගෙන ආවේ නෑ. රණසිංහ ප්‍රේමදාස මහතා මියගිය පසු විදේශගතව අධ්‍යාපනය ලබමින් සිටි සජිත් ප්‍රේමදාස මහතා ලංකාවට පැමිණ තම පියා දේශපාලනය කළ මැද කොලඹ දේශපාලනය නොකර හම්බන්තොටට ගිහින් ස්වාධීනව දේශපාලනය කරලා 2001 දී ඔහු දේශපාලනයට පැමිණියා. රණසිංහ ප්‍රේමදාස මහතා කවදාවත් සජත් ප්‍රේමදාස මහතාව දේශපාලනයට ගෙනාවේ නෑ. රණසිංහ ප්‍රේමදාසට තිබුණ ගෞරවය අනිවාරයෙන් සජිත් ප්‍රේමදාස මහතාට හිමිවෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට රණසිංහ ප්‍රේමදාස මහතා කවදාවත් සජිත් ප්‍රේමදාස මහතාව ගෙනාවේ නෑ. සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගයේ නායකයා වුණේ , ඊලගට රටේ නායකයා වෙන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා නිසා නෙවෙයි. රටේ දේශපාලන ප්‍රවාහයට නායකත්වය ලබාදීලා , දශක දෙකක පමණ කාලයක් ස්වාධීනව දේශපාලනය කරලා දේශපාලන පලපුරුද්ද නිසා තමයි ඔහු අද විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායකයා බවට පත්වෙලා තිබෙන්නේ. සජිත් ප්‍රේමදාස කවදාවත් පවුල් වාදයක් ඇති කළේ නෑ. ‘‘

Releated News

ජන පීඩක IMF බදු සූත්‍රය වත්මන් රජය වෙනස් කළ යුතුයි – සමගි ජන බලවේගයේ නායක…

IMF රාමුව තුළ ජනතාවගේ කරපිට පටවන බර ලිහිල් කරන නව ගිවිසුමකට වත්මන් රජය යා යුතු බවත් එවැනි ගිවිසුමක්…

Oct 18, 2024
ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි…

Oct 7, 2024
සජිත් කොළඹ කාන්තා බලය වැඩි කරයි අප්සාරිටත් කොළඹ ප්‍රධාන සංවිධායක ධූරයක්

සමගි ජන බලවේගය පක්ෂයේ බටහිර – කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනියක ලෙස කටයුතු කරන…

Oct 6, 2024
බන්දුලට දේශපාලනය එපාවෙයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට්…

Oct 5, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *