Live 24

Wednesday
February 5, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Wednesday
February 5, 2025
Image

රජයේ සේවකයින්ට අලුත් චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසනවා.

රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා නොකිරීම මත ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මඟින් මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා.

යම් නිලධාරියෙකු වෙත සේවය හැරයාමේ නිවේදනයක් නිකුත් කළ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමක් සිදුකරනු ලබන්නේනම් එය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති හි 216 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වාදෙනවා.

යම් නිලධාරියෙකු විසින් තනතුර අතහැර යාමේ නිවේදනයකට අදාළව ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරනු ලබන නිදහසට කරුණු දැක්වීම සම්බන්ධයෙන් අදාළ විනය බලධරයා විසින් දෙනු ලබන තීරණය නිලධාරියා වෙත ලිඛිතව දැන්විය යුතු බව ද අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර දීප ව්‍යාප්ත සේවාවන්හි විශේෂ ශ්‍රේණියට ඉදිරියේ දී උසස් වීම් ලබන නිලධාරීන් අදාළ තනතුරට පත්වීමේ ලිපිය ලද දින සිට වැඩකරන දින 22ක කාලයක් තුළ නව තනතුරේ වැඩ භාරගැනීම කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසනවා.

එලෙස රාජකාරී සඳහා මාසයක් තුළ වාර්තා නොකරන නිලධාරීන්ගේ විශේෂ ශ්‍රේණියේ උසස් වීම් අවලංගු වූවා සේ සැලකිය යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

Releated News

තායිලන්ත තානාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් Sri Lanka Association in Thailand වෙබ් පිටුව එළි දැක්විණි

ශ්‍රී ලංකා තායිලන්ත තානාපතිනිය වන ගරු විජයන්ති එදිරිසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 2025/02/01 වන දින Sri Lanka Association…

Feb 3, 2025
Breaking: වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනම්

පසුගිය මහමැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ…

Jan 30, 2025
පාස්පෝට් අර්බුදයේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දී…

Jan 29, 2025
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් ට්විට් එකක්

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවිඩයක්…

Jan 29, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *