Live 24

Wednesday
July 2, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Wednesday
July 2, 2025
Image

මැතිසභා කමිටු 80 ක් අහෝසියි

සංවිධායක ධූරය සහ  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය යන ධූරයන්ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී ගියේය.

පාර්ලිමේන්තුවේ  මෙතෙක් ක්‍රියාත්මක වූ කෝප්,කෝපා ඇතුළු  කමිටු අසූවකට ආසන්න ප්‍රමාණයක්  පාර්ලිමේන්තුව  විසුරුවා හැරීමත්  සමඟ  පෙරේදා  (24)   අහෝසි වී ගියේය.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරියද අහෝසිවී නොයන බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන කතානායක විපක්ෂ නායක  සහ සෙසු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීන්ට එහි සාමාජික තනතුරට පමණක්  සීමාවෙමින් මීළඟ සභාව පිහිටුවන තෙක්  ඒ තනතුරුවල කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩ ප්‍රස්ථාව සැලසෙන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මෙතෙක් කටයුතු කළේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාය.

එම සභාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ  නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පෙරේදා (24) සිට පත් කරනු ලැබ ඇත.

තවද පාර්ලිමේන්තුවේ නීති බවට පත්ව නොතිබූ පනත් රෙගුලාසි සහ යෝජනා සියල්ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසිවී  යන බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

පාර්ලිමේන්තුවේ කතානායක  ධූරය, නියෝජ්‍ය කතානායක ධුරය,නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරය, සභා නායක ධූරය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සහ  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය යන ධූරයන්ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී ගියේය.

Releated News

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025
කෙහෙළිය පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම…

Jun 26, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *