Live 24

Tuesday
July 1, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
July 1, 2025
Image

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ නඩුව ළඟදීම – ජනපති

‘ද නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයා වූ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වඳ හිංසා පැමිණවීමේ සිදුවීමට අදාළ නඩුකරය ඉතාමත් නුදුරේදීම ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ ඉන් අනතුරුව ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ නඩුවද පැවරීමට හැකි බවට තමන් විශ්වස කරන බවයි.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට අදාළව මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඊට අදාළව නාවුක හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගතයුතු වුවත් ඔවුන් කවුදැයි හඳුනාගැනීමට නොහැකි ලෙස ලේඛණ අතුරුදහන්ව ඇති බවත් මෙම සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

2008 මැයි 22 වනදා කීත් නොයාර් මහතාට පහර දී පැහැරගෙන ගිය අතර රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මහතාහේ දේහය 2012 වසරේ මැයි 17 වැනිදා නාරාහෙන්පිටට ‘ශාලිකා’ ක්‍රීඩාංගණය අසළ පාර්ක් පාරේ දැවී ගිය මෝටර් රථයක් තුළදී හමුවූවා.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා 2008 වසරේ ජනවාරි 08 වැනිදා රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූවා.

Releated News

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025
කෙහෙළිය පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම…

Jun 26, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *