Live 24

Tuesday
March 11, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
March 11, 2025
  • Home
  • Local
  • මම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සූදානම් – නාමල්
Image

මම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සූදානම් – නාමල්

තමන් නීති විභාගයට මුහුණ දුන් ආකාරය පිළිබඳව පැමිණිල්ලක් තිබේනම් ඒ සම්බන්ධව විභාගයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නැගූ ප්‍රශ්නවලට අද (18) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්.

මෙම අපහාසය එල්ල වන්නේ නාමල් රාජපක්ෂට නොව සමස්ත නීති පද්ධතියට බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා.

ඒ හේතුවෙන් වහාම මේ පිළිබඳව පරික්ෂණයක් සිදුකරන ලෙස මන්ත්‍රීවරයා එහිදී අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

තමන් තනියම ඒසී කාමරයක විභාගය ලිව්වා යැයි ඔප්පු වුවහොත් තමා මන්ත්‍රීකමෙන් ඉවත් වෙන බවත් එය ඔප්පු කර ගැනීමට නොහැකි වුවහොත් වසන්ත සමරසිංහ මහතා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Releated News

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර…

Feb 21, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල  ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා…

Feb 21, 2025
පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක්…

Feb 21, 2025
පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී…

Feb 21, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *